ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන තරගය දැන් පැවැත්වෙනවා.
ඒ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතරයි.
ගුවන් සංදර්ශන සමගින් ආරම්භ වුණ ක්‍රිකට් මෞලි මංගල්‍යය නැරඹීමට තවමත් ප්‍රේක්ෂකයින් පිටිය වෙත පැමිණෙන බවට සඳහන්.
කෙසේ නමුත් කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කලා.
එහිදී රෝහිත් ශර්මා ප්‍රකාශ කලේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තමන්ට අවශ්‍ය වූ බවටයි.
මේ අතරම තණ තීරුවේ ස්භාවය ගැන පැහැදිලි කල සංජේ මන්ජෙකාර් ප්‍රකාශ කලේ ඕස්ට්‍රේලියාව ගත් තීරණය ඉතාමත් හොඳ තීරණයක් බවටයි.
