අද ලෝක ක්‍රිකට්ලෝලීන්ට විශේෂ දවසක්.
ඒ 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා.
ඒ සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතරයි.
අති උත්සවශ්‍රීයෙන් ආරම්භවන අවසන් තරගය අද පස්වරුවේදී ආරම්භ වෙද්දී ජයග්‍රහයකයා කවුරුන් වේවිද යන්න ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් නම් ප්‍රකාශ කර තිබුනේ තරගය අවසානයේ පිටියට පැමිනි ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් නිශ්ෂබ්ද කිරීම තම කණ්ඩායමේ අරමුණ බවයි.
මේ අතරම ආනෝදෝලනාත්මක ප්‍රකාශ කරන ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ගෞතම් ගාම්භීර් ප්‍රකාශ කර තිබෙන්නේ කිසි විටෙකත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝකය දිනන්නට අවස්ථාවක් නොමැති බවටයි.
"ඉන්දියාව මෙවර ලෝක කුසලානය දිනනවා.මිරැකල් එකක් සිදු වුණොත් හැරෙන්න ඕස්ට්‍රේලියාවට දිනන්න තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි"
