කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාරට ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පැවති ව්‍යාපාර සම්බන්ධතා පිළිබඳව තොරතුරු හෙළි වී තිබෙනවා.
ඔහු මහනුවර නගරයේ ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශකයෙකු ලෙස වගකීම් භාරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව කෝප් කමිටුව හමුවේ ඊයේ සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ ඔහු විසින් දබර ඇඟිල්ලෙන් හස්ත සංඥාවක් ද ලබා දුන් බවට මේ වන විට බොහෝ දෙනා කෝප් කමිටුවේ සභාපතිට විවේචන එල්ල කරමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද ඔහුව දෝෂ දර්ශනයට ලක් වුණා.
විපක්ෂ නායකවරයා කියා සිටියේ මන්ත්‍රීවරුන් කෝප් කමිටුව හමුවට පැමිණ සිටි සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී කෝප් කමිටු සභාපතිවරයා දඹරැගිල්ලෙන් හස්ත සංඥා ලබා දීමෙන් සාක්ෂිකරුවන් පාලනය කළ බවයි.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.
කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ පිරිසක් පැමිණ එම “ස්වාධීන කමිටුව” දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවයි.