මේ අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ ඒ පැත්තේ ප්‍රදේශවාසීන් ගොඩක් කලබල වෙලා...
මීට සුළු වෙලාවකට පෙර වැල්ලම්පිටිය - වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් ජීවිතක්ෂයට පත්වුණා...
මේ සිදුවීමට අදාළව එම පාසලේ විදුහල්පතිවරයාට ප්‍රදේශවාසීන් විසින් පහර දී තිබෙනවා...
පහර කෑමට ලක් වූ විදුහල්පති මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ... මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් බවයි වාර්තා වන්නේ...
මෙම සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ දී බවයි සඳහන් වන්නේ..
පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුන් සය දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා..
වැල්ලම්පිටිය - වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කොට සිටියේ විවේක කාලයේ ජලය ලබා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මෙම සිසු සිසුවියන් කඩා වැටුණු තාප්පය අසලට පැමිණ ඇති බවයි..
ඔහු වැඩිදුරටත් පැවසුවේ කඩා වැටුණු තාප්පය මීට වසර 15කට පෙර ඉදි කළ තාප්පයක් වන බවයි..