පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය සොයන චීන නෞකාවකට ඊයේ (05) සංඥා තරංග ලැබී තිබෙනවා.
මෙම සංඥා තරංගවල සංඛ්‍යාතය කිලෝ හර්ට්ස් 37 යි දශම පහක් බවයි එය විශ්ලේෂනය කළ චීන විශේෂඥයන් ප්‍රකාශ කළේ. එය අතුරුදන් වූ ගුවන් යානයේ කළු පෙට්ටියේ සංඥාවල සංඛ්‍යාතයට සමාන වීමද විශේෂත්වයක්. පළමු තරංගය ලැබී පැයකට පසුව මෙම දෙවන තරංගය චීන නෞකාවට ග්‍රහණය කරගැනීමට හැකිවී ඇත. පළමු තරංගය නිකුත් වූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක වපසරියක් තුළ දෙවන තරංගයද නිකුත්ව ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරීන් සදහන් කළා. කෙසේ වෙතත් අදාළ ස්ථානයට බ්‍රිතාන්‍ය නෞකාවක් කඩිනමින් ගමන් කරමින් සිටින බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ නමුත් චීන නෞකාවට ඊයේ ලැබුණු සංඥා තරංග අතුරුදන්වූ ගුවන් යානයට සම්බන්ධද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. ඉන්දීය සාගරයේ දකුණු දිග ප්‍රදේශයේ අතුරුදන්වූ නෞකාව සෙවීම සඳහා රටවල් රැසක නෞකා සහ ගුවන් යානා තවදුරටත් මෙහෙයුම්වල නිරතවනවා.