සමහර සිදු වීම තියනවා , අපේ ජීවතේ මතකයන් විතරක් ඉතිරි කරන. මේකත් ඒ වගේ කතාවක්.
මම කැම්පස් ගිහින් උපාධියක් තියන කෙල්ලෙක්. නම කවෝද්යා වුණාට , හැමෝම ආදරේට කිව්වේ කවෝ කියලා.. කැම්පස් එකේ කාඩ් එකත් ඒක...
ඒත් මට සුදුසුකම් වලට හොද රස්සාවක් හම්බුනේ නැහැ. සෑහෙන්න ට්රයි කරා හොද ජොබ් එකක් හොයා ගන්න. ඒත් මගේ සුදුසුකම් වලට කවදාවත් තැනක් හම්බුනේ නැහැ. ඒ අතට මගේ යාලුවෙක් හිටියා කැම්පස් එකෙන්ම හම්බුණ " අසංක "කියල අයියා කෙනෙක්. ඒ අයියා අපිට ගොඩක් උදව් කරා කැම්පස් යන කාලේ අපේ වැඩ වලට...
ඉතින් මං අසංක අයියට කිව්වා , මට ජොබ් එකක් හොයල දෙන්න කියලා.. එයා වැඩ කරේ දෙමටගොඩ ලොකු IT කරන කොම්පැනියක.
අපේ ගෙවල් තිබුණේ කුරුණෑගල. ආයෙත් කොළඹ එනවා කියලා මතක් වුණාම නිකන් පිස්සු වගේ. ඒ උනත් හොද පඩියක් තියනවා නම් කමක් නැහැ කියලා මන් අසංක අයියට කිව්වා මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා. දවස් දෙකක් වත් ගියේ නැහැ , අසංක අයියා කෝල් කරලා කිව්වා එන්න interview එකක් තියනවා කියලා ලබන සදුදා..හොද පඩියකුත් කතා කර ගමු කියලා තමයි එයා කිව්වේ. කොහොම හරි මට ජොබ් එක හම්බුණා හොද පඩියක් එක්ක. මාසෙට 1.50 ක් මගේ පළවෙනි ජොබ් එකම. කොළඹ ආවට පස්සේ මට ඉන්න තැනක් නැති එක තමයි ලොකුම ප්රශ්නේ වුණේ. මම කොට්ටාවේ ඉදන් තමයි ජොබ් එකට අවේ දෙමටගොඩ. ඒක හරිම මහන්සි. ඔහොම මාස දෙකක් වගේ ගියාට පස්සේ මං තනියම ගෙයක් ගත්තා බොරැල්ලෙන්.
මට ඒ අතරින් පතර අලුතින් මිනිස්සු අදුරගන්න නිසා , පොඩි පොඩි පිට වැඩ ටිකකුත් එන්න ගත්තා. ඔහොම යද්දී අසංක අයියා මගෙන් කැමැත්ත ඇහුවා. ඒක තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්ත තැන කිව්වොත් හරියටම හරි. මං එයාට වැඩි කාලයක් යන්න නොදීම කැමති වුණා. මොකද එයාව මන් දන්නේ කැම්පස් කාලේ ඉදන්. ඒ කාලේවත් එයාට කෙල්ලෙක් හිටියේ නැහැ. කිසිම නරක ආරංචියක් එයා ගැන පැතිරිලා නැහැ එක නිසා අමුතුවෙන් එයා ගැන හොයන්න දෙයක් තිබුනෙත් නැහැ මට. ඒ වගේම අසංක අයියා ලස්සනයි , සුදුයි. හෙන හැන්ඩියි..
පස්සේ. . . පස්සේ , අපි දෙන්න , මන් ගත්ත annex එකේම එකට ඉන්න පටන් ගත්තා. හැබැයි එයා මාව වැරදි විදියකට අල්ලන්නේවත් නැහැ. මං ආසා කරන සෙක්ස් ලයිෆ් එකක් ෆීලින් එකක් කිසිම දෙයක් මට එයාගෙන් ලැබුනේ නැහැ. අපි දෙන්නා එකට නිදා ගත්තත් එයා මට කිසි දෙයක් කරන්නේ නැහැ. මට ඒක පුදුම හිතට කරදරයක් වුණා. මං දවසක් එයාගෙන් ඇහුවා ඇයි ඔයාට මාව අප්පිරියයි ද කියලා ? එයා මට දුන්නේ එක උත්තරයි. මං මැණික ඔයා එක්ක හිටියට , ආදරේ කරාට සෙක්ස් කරන්න කැමති කොල්ලෝ එක්ක විතරයි කියලා..
මට මාවම එපා වුණා. මට හැමදේම එපා වුණා. ඇත්තටම දැන් මන් ඩුබායි ඉන්නේ. දැන් කොල්ලෙක් හම්බුනත් මට මතක් වෙන්නේ අසංක අයියව..