ඔබත් අලුත් වාහනයක් ගන්න, නැත්නම් තියන වාහනය අලුත් කරගන්න හීන මවපු කෙනෙක් ද...?
දැන් අවුරුදු ගණනක් තිස්සේ ඔබේ ඒ හීනය හීනයක්ම විතරක් වුණානේ.. කොහොම වුණත්, මෙවර අයවැයෙනුත් ඊට නිසි සහනයක් ලැබුණේ නැහැ...
මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් හිමි නොවූ බව ලංකා මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් පවසනවා...
රටේ ඩොලර් සංචිතය යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නේ යැයි මහ බැංකු අධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා ගණනකදී ඉල්ලීම් කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ...
ඒ අනුව මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් අපේක්ෂා කළත් කිසිදු සහනයක් හිමි නොවූ බවයි ඔහු ප්‍රකාශ කොට සිටියේ...
අවුරුදු හතරකින් වාහන ආනයනය කර නොමැති වීමෙන් පාරිභෝගිකයින් මෙන්ම වාහන ආනයනකරුවන් ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අතර මේ හේතුවෙන් ලක්ෂ හතරකට අධික පිරිසකට රැකියා අහිමි වී ඇතැයි ද ඔහු පවසා සිටියා... .
අයවැයෙන් පසුව හෝ සීමා සහිතව වාහන යම් ප්‍රමාණයක් හෝ ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ...