මේ කියන්න යන්නේ කිසිවෙකුත් කිසිවිටකත් අපේක්ෂා නොකළ කතාවක්...
ඔහු එදා දවසේත් සුපුරුදු විදිහටම රස්සාවට යන්න ඇත්තේ එදා දවසේ වැඩ ටිකත් හරියට කරලා හැකි ඉක්මනින් එයාගේ පුංචි පැටියාව බලන්න එන්න හිතාගෙන වෙන්න ඇති...
ඒත් අවසානයේ ඔහුට අත්වූයේ මෙන්න මේ වගේ ඉරණමක්... කළුතර නගර මධ්‍යයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසනවා...
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත්, ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා...
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි එක්දරු පියෙකු බවත්, ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් කොන්දොස්තර වරයෙකු බවත් පොලිසිය සඳහන් කළා...
එමෙන්ම මෙම පහරදීම සිදුකළ තැනැත්තා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළා...