මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය කතාවක්..
මෙවර අයවැයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධව ගත් අලුත්ම තීරණ තමයි මේ...
සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් මෙවර 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබෙනවා.
එමගින් මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කිරීම හරහා සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසැල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමට ද මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.
දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීම ද මෙයට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
තව ද සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමද එම යෝජනාවලට ඇතුළත් කර තිබීම ද විශේෂත්වයක්.