දිවුලපිටිය ප්‍රදේශයේ නිවසකට පැන්න සොරුන් කල්ලියක් එම නිවසේ තිබූ රත්‍රන් බඩු, මුදල් මෙන්ම තවත් වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන පසුව නිවසේ සිටි කාන්තාවකටද හිරිහැර කර පලාගිය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.
61 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව රාත්‍රි ඇඳුම් මදිමින් සිටියදී එම නිවෙසේ දොරට වැරෙන් පහරදී එය බලෙන්ම විවෘත කරගෙන ඇති මෙම සොරුන් නිවසේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සැමියාගේ අත කට බැඳ නානකාමරයට දමා බිරිඳ ප්‍රාණ ඇපයට ගෙන රන් බඩු පැහැරගෙන තිබෙනවා.
මෙම සිද්ධියට මැදි වූ කාන්තාව බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟ විවාහ වී කලක් එම රටේ ජීවත්වී මෙරටට පැමිණ දිවුලපිටිය ප්‍රදේශයේ ඉඩමක් සමඟ නිවෙසක් මිලදීගෙන එහි පදිංචිව සිට තිබෙනවා.
පසුව පෙරේදා රාත්‍රි උල් ආයුධ රැගෙන නිවෙසට ඇතුළු වී ඇති කොල්ලකරුවන් නිවසේ තිබූ එංගලන්ත මහ රැජනගේ ලාංඡනය සහිත රුපියල් ලක්‍ෂ 8ක් වටිනා මංගල මුදුව ඇතුළු ලක්‍ෂ 31 කට අධික වටිනාකමින් යුත් රන් බඩු පැහැරගෙන පලාගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ.
සැකකරුවන් දෙදෙනා විසින් ශ්‍රී ලාංකික කාන්තාවට අස්වාභාවික ලිංගික අතවරයක්ද සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇති බවටද වාර්තා වෙනවා.
මෙම සිද්ධියට මැදිවී ඇත්තේ විශ්‍රාමික 71 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු හා ඔහුගේ බිරිය වන 61 හැවිරිදි ඉන්ද්‍රානි නමැති කාන්තාවක්.
කොල්ලකරුවන් දෙදෙනා එම කාන්තාව දූෂණය කිරීමට සූදානම් වෙද්දී ඇය තම වයස ගැන පවසමින් කොල්ලකරුවන්ට බැගෑපත් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනා ඇයට අස්වාභාවික අතවරයක් කොට පලාගොස් ඇති බවටද වාර්තා වෙනවා.
ඔවුන් නිවෙසින් පලායන තෙක් පැයකට නිවෙසේ දොරවල් විවෘත නොකරන ලෙසද එක් කොල්ලකරුවකු එම කාන්තාවට තර්ජනය කොට තිබෙන බවටද තොරතුරු දැනගන්නට ලැබෙනවා.