ජවාන් මේ වනවිට ඉතාමත් ඉහල ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් සමගින් ලොවපුරා තිරගත වෙනවා.
මේ වනවිට බොලිවුඩයේ වාර්තා පිට වාර්තා තබමින් තිරගතවන මේ සිනමා පටය මේ වනවිට අලුත් වාර්තාවක් තබා තිබෙනවා.
ඒ ඉන්දියාව තුල වැඩිම ආදායමක් තැබූ සිනමාපටය බවට පත් වීමෙන්.
මීට පෙර ඒ වාර්තාව තබා තිබුනේ ශාරුක්ගේම පතාන් සිනමාපටයයි.
පතාන් අභිබවා යමින් ඉන්දියාව තුල වැඩිම ආදායමක් ලැබු බොලිවුඩ් චිත්‍රපටය බවට පත්විමට අද දින ආදායමත් සමග ජවාන් සමත් වුවා.
මෙලෙස පෙර පැවති වැඩිම ආදායම් වාර්තාව අලුත් කෙරූ ශාරුක්ගේ තෙවැනි චිත්‍රපටය මෙයයි.
•Chennai Express (2013)
•Pathaan (2023)
•Jawan (2023)
එකම නලුවකුගේ චිත්‍රපට වසරක් තුල එම වාර්තාව දෙපාරක් අලුත් කෙරූ පළමු අවස්ථාවද මෙයයි.
