ශ්‍රී ලංකාවේ රියැලටිකරණය ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රමුඛයා හිරු ටී.වී. “හිරු ස්ටෙප් අප්” හඳුන්වා දෙන්නේ නවමු අත්දැකීම් රැසක් ප්‍රේක්ෂක හදවත් තුළ ජීවමාන කරමින්.
දසත විසිරී සිටින නර්තනයට උපන් හපන්කම් ඇති නර්තන තරු අභිෂේක ගැන්වීමේ එම මහා ප්‍රයත්නය නිර්මාණය වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.
ආසියාවේ ප්‍රථම සහ එකම නර්තන රියැලිටිය ලෙස අභිෂේක ගැන්වෙන “හිරු ස්ටෙප් අප්” පසුගිය ජනවාරියේ ඇරඹුණේ මූලික තරග වට දෙකකින් තෝරා ගත් නර්තන කණ්ඩායම් 48 ක් එක් කර ගනිමින්.
ජනතා පරමාධිපත්‍යයෙන් බලගැන්වුණු නර්තන තරු අභිෂේක ගන්වන අවසන් තරග රාත්‍රියයි අද පැවැත්වෙන්නේ.
ඒ වෙනුවෙන් කණ්ඩායම් 4 ක් අද අතිඋත්කර්ෂවත් “හිරු ස්ටෙප් අප්” fවිදිකාවේ තරග වැදීමට නියමිතයි.