තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ ප්‍රසිද්ධ රැප් ගායක MHD හෙවත් මොහොමඩ් සිල්ලා හට වසර 12ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
2018 වසරේ පැරිසියේදී තවත් පිරිසක් සමඟ එක්ව 23 හැවිරිදි ලොයික් කේ නම් තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය ඔහුට මෙම දඬුවම ලබා දී ඇති අතර මොහොමඩ් සිල්ලා විසින් එම පුද්ගලයාව සිය මෝටර් රථයෙන් හප්පා බිම දමා පසුව තවත් දෙළොස් දෙනෙකු සමඟ එකතුව පහර දී තියුණු ආයුධයකින් ඇන මරා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් ඔහු අධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ, තමන් නිර්දෝෂී බවත් තමා එම ඝාතනයට කිසිදු සම්බන්ධකමක් නොමැති බවයි.