Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
24
"වරද නුඹේ නොවේ දුවේ…මගේ දුවට හිතාමතාම වෙඩි තිබ්බා" - රිදී තිරයේ සටන් ජවනිකා බඳු සිදුවීම්ක් සිතුවම් කළ මාලිගාකන්දේ ඝාතනය

- "වරද නුඹේ නොවේ දුවේ…මගේ දුවට හිතාමතාම වෙඩි තිබ්බා" - රිදී තිරයේ සටන් ජවනිකා බඳු සිදුවීම්ක් සිතුවම් කළ මාලිගාකන්දේ ඝාතනයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67 Views

දිනය ඉකුත් 17 වැනිදාය. ස්ථානය මාලිගාකන්ද අධිකරණයට යාබද එක්තරා ස්ථානයක්ය.

අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් පිණිස පෙනී සිටි පුද්ගලයෙක් එම කටයුත්ත අවසන්ව අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන්නේ කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවස වෙත නැවත ගමන් කිරීමේ අරමුණින් යුතුවය.

එම පුද්ගලයා සමඟ ඔහුගේ බිරිඳ, හය හැවිරිදි සිඟිති දියණිය හා තවත් කාන්තාවක් එලෙස ප්‍රධාන මාර්ගයට පිවිස අසල වූ තේ කඩයකට ගොඩවන්නේ තේ පානය කිරීම පිණිසය. ඇතැම් විට හය හැවිරිදි සිඟිති දියණියගේ ඉල්ලීමක් අනුව ඔවුන් තේ කඩයට ගොඩවූවා විය හැකිය.

එලෙස තම බිරිඳ, දියණිය හා ඥාති කාන්තාවක් සමග තේ කඩයට ගොඩවන්නේ ඉඩම් ආරවුලක් විසඳාගැනීම පිණිස නීතියේ සරණ පැතූ අයකු නොව ඊට හාත්පසින්ම වෙනස් ජීවිතයක් ගත කළ අයෙක්ය.

ඔහු නමින් අකිල බුද්ධිකය. කොටහේන ප්‍රදේශයේ පදිංචි අකිල අපරාධ චෝදනා රැසකට සම්බන්ධය. හෙරොයින්, පහරදීම්, ගිනි අවි ළඟ තබා ගැනීම් සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස ද පොලිස් පොත්වල ඔහුගේ නම සඳහන්ය.

ඔහු විසින් සිදුකරන ලදැයි සැකකරන අපරාධ හේතුවෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් ගෙන් ඔහුට ද තර්ජන එල්ලවෙමින් තිබෙන්නට ඇත. ඇතැම් විට ඒ බව ඔහු දැනගෙන තිබෙන්නට ද ඇත. ආසන්නතම සිදුවීම වන ඉකුත් 17 දා ඔහු මාලිගාකන්ද අධිකරණය වෙත ඔහු ගමන් කරන්නේ ද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක සැකකරුවකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටීම පිණිසය.

තේ පානය කිරීමෙන් අනතුරුව අකිල ඇතුළු පිරිස ඒ වනවිටත් මාර්ගය අසල නතර කර තිබූ ත්‍රිවිල් රථයක් වෙත ගොඩවූහ. ත්‍රිරෝද රථය පනගැන්වූ රියැදුරු කොටහේන බලා එය ධාවනය කරන්නට විය. දහවල බෙහෙවින් ජනාකීර්ණ මාලිගාකන්ද ප්‍රදේශය පසුකර මහදුරක් එන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ වනවිට ද ගිනි අවි අත රැඳි දඩයක්කරුවන් දෙදෙනෙක් ඔවුන් පසුපසය.

බොහෝ වේලාවක් තම දඩයමට ඉව ඇල්ලූ දඩයක්කරුවන් සැලසුම් කළ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් තම ඉලක්කය සපුරා ගැනීමේ රහස් මෙහෙයුම ක්‍රියාවට නංවන්නේ කිසිවකුට කිසිසේත් සැක නොසිතෙන ආකාරයෙන්ය. ඒ අනුව එතෙක් වේලා මඟ රැකසිටි දඩයක්කරුවන් ඔවුන් පැමිණි යතුරුපැදිය නැවත වතාවක් පණගන්වන්නේ නිසි තැන නිසි ඉලක්කය ලබා ගනිමින් සිය අරමුණ සපුරා ගැනීම පිණිසය.

මාලිගාකන්ද අධිකරණය පසුකරන ත්‍රිවිල් රථය මදදුරක් ගමන් කරනවාත් සමඟ ක්‍රියාත්මක වන යතුරුපැදිකරුවන් තමන් අත රැඳි ගිනි අවිය ත්‍රීවිල් රථය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන අතර ත්‍රීවිල් රථයට වෙඩි කීපයක් එල්ල කරන තුවක්කුකරුවන් ඉන් නොනැවතී තවත් පුද්ගලයන් දෙදෙනකු පසුපස ලුහුබැඳ යන්නේ ගොදුරක් පසුපස ලුහුබැඳ යන දඩබල්ලන් පරිද්දෙනි. කෙසේ වෙතත් තම දෙවැනි ඉලක්කය වැරදී යෑමත් සමග නැවතත් යතුරුපැදිය පණගන්වන තුවක්කුකරුවන් එම ප්‍රදේශයෙන් පලාගොස් ඇත්තේ කිසිවක් සිදු නොවූ ආකාරයෙනි.

අවට රැස්ව සිටි පිරිසට ඛේදවාචකයේ තරම වැටහීයන්නේ තුවක්කුකරුවන් එම ප්‍රදේශයෙන් පලායෑමෙන් අනතුරුවයි. ත්‍රීවිල් රථයේ ගමන් කළ පිරිස ඉලක්ක කර ගනිමින් එල්ලවූ වෙඩි පහරවල් කීපයෙන් දෙකක් අකිල බුද්ධිකගේ සිරුර පසාරු කර ගනිමින් ඇතුළට ගොස් ඇත. ඉතිරිය හය හැවිරිදි සිඟිති දියණියගේ සිරුර විරූපී කොට ඇත. ඛේදවාචකයේ තරම නම් අංශු මාත්‍රයක් තරම්වත් මනුෂ්‍යත්වයක් ඉතිරි නොකරමින් එම වෙඩි උණ්ඩ කීපය නිකුත් වී තිබීමය.

හයක් හතරක් නොතේරෙන මල් කැකුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින අයුරු දකින ඇගේ මව සහ ත්‍රිරෝද රථ රියැදුරා ඇතුළු පිරිසක් ඉන් අනතුරුව ක්‍රියාත්මක වන්නේ බරපතළ තුවාල සහිත අකිල සහ ඔහුගේ දියණිය රෝහල් ගත කිරීම පිණිසය. කඩිනමින් ඒ කටයුතු සිදුව තිබුණ ද අර පුංචි මල් කැකුළට තව දුරටත් ජීවත්වීමට වරම් හිමිවන්නේ නැත. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිට ද ඇය මරුවා හා සටනක නිරත වෙමින්ය. ඉකුත් 17 දා සවස් යාමයේ ඇය ජීවිතය හැර යන්නේ නොකළ වරදකට තම ජීවිතයෙන් වන්දි ගෙවූ අහිංසකාවියක් ලෙසය.

අභිමානිකා තෙරුවන්දි නම් සිඟිති දියණිය දැන් මලවුන් අතරය. ඇගේ පියා කවුරුන් වුවද ඔහු විසින් කරන ලද යම් අපරාධයක්, අකටයුත්තක් වේ නම් ඒ සඳහා වන්දිය ලෙස ජීවිතය පූජා කරන්නට වූයේ සය හැවිරිදි ඔහුගේ සිඟිති දියණියටය. එම සිදුවීමෙන් අනතුරුව මියගිය සිඟිත්තියගේ මව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තුවක්කුකරුවන් තම දියණියට හිතාමතා වෙඩි තැබූ බවය.

වෙඩි උණ්ඩයට හිතක් පපුවක් නැත. ගිනි අවිය අත දරන්නේ නරුමයෙක් නම් ඉන් නිකුත්වන ගිනියම් උණ්ඩය නතරවන්නේ කොතැනද එතැන ඉතිරි වන්නේ රුධිර ධාරාවක් පමණය. ශිෂ්ට සම්පන්න මිනිස් සමාජය විසින් පිළිකුල් ලෙස බැහැරකරන ගිනි අවි සංස්කෘතිය දින දින තම අණසක රට පුරා ව්‍යාප්ත කරන ආකාරය අනුව මහමඟට බැස ගමනක් බිමනක් යෑම පවා මේ වනවිට මරුවා සමග සැරිසැරීමක් බවට පත්වෙමින් ඇත. තම සතුරා ඉලක්ක කරන තුවක්කුකරුවන් ඉලක්කය සපුරාගත් පසු පලායන ආකාරය දකිනකල බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ රිදී තිරය මත දිගහැරෙන සටන් චිත්‍රපටයක දර්ශනයන් බඳු සිදුවීම් පෙළක්ය.

කෙසේ වෙතත් මත් කුඩු, මත් පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය මුල්කරගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක මත් ත්‍රස්තවාදයේම තවත් දිගුවක් ලෙස මත්ද්‍රව්‍ය පාවාරම් පසුපස ක්‍රියාත්මක එක් එක් කල්ලි කණ්ඩායම් තම ප්‍රතිවාදීන් මරා දැමීමේ මරණීය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඇත. ඒ හේතුවෙන් රට තුළ උද්ගතව ඇති ව්‍යාකූලත්වය සාමාන්‍ය ජන ජීවිතයට කිසිසේත් හිතකර නැත.

ශිෂ්ට සම්පන්න සමාජය විසින් පිළිකුල් සහගත ලෙස බැහැර කරන එවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීම තුළ පෙනී යන්නේ රටේ නීතිය තුවක්කුවෙන් විසඳීම පිනිස පිරිසක් විසින් උත්සාහ දරන බවකි. හය හැවිරිදි සිඟිති දියණියක් ඔවුන්ගේ ගොදුරක් වන්නේ එබැවිනි. උන් උන් මරා ගැනීම කෙසේ වෙතත් තුවක්කුවකින් නිකුත්වන වෙඩි උණ්ඩ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත මතින් නතරවේ නම් එය බරපතළ තත්ත්වයකි.
රුවන් ජයවර්ධන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top