Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
24
"මම හැමදාම කරන්නේ මේ වීඩියෝ බලන එක විතරයි. මේවට හොඳ ඉල්ලුමකුත් තියෙනව. එහෙම විකුණලා හොඳ ගාණක් හොයාගන්නත් පුළුවන්''- B...චිත්‍රපට ගැන ඇඟ හිරිවැටෙන කතාවක්

- "මම හැමදාම කරන්නේ මේ වීඩියෝ බලන එක විතරයි. මේවට හොඳ ඉල්ලුමකුත් තියෙනව. එහෙම විකුණලා හොඳ ගාණක් හොයාගන්නත් පුළුවන්''- B...චිත්‍රපට ගැන ඇඟ හිරිවැටෙන කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views
එය රාගම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකි. එම විහාරස්ථානයේ ළාබාල තරුණයකු උතුම් වූ පැවිදි දිවියට ඇතුළත් වූවේ දැනට වසර කිහිපයකට පෙරයි. 

එහෙත් එම සාමණේර හිමිනම පැවිදි දිවියට අනුකූල ජීවිතයක් ගතකරන බවක් නොපෙණුනි. එය එම විහාරස්ථානයේ සමහර හිමියන්ට, දායක, දායිකාවන්ටද ගැටලුවක් වූහ. එහෙත් ඔවුන් එය ඉවසා දරා සිටියේ එහි සාමණේර හිමි තවමත් බාල වියේ පසුවූ නිසාය.

දිනක් එක් හිමිනමක් එම සාමණේර හිමි පිළිබඳව දායක සභාවේදී මෙලෙස පැවසීය.“තවම පැවිදිවෙලා ලොකු කාලයක් ගතවුණේ නැහැනේ. මහ ලොකු වයසකුත් නැහැ. තව ටික කාලයක් පැවිදි දිවියේ ඉන්නකොට තේරුම් ගනීවි පැවිදි දිවියේ වටිනාකම. එතකොට ඉතින් ඔය ගති පැවතුම් වෙනස් කර ගනීවි. එතකම් තව ටිකක් අපි බලාගෙන ඉමු.”

කාලය දින, සති, මාස ගණනින් ගෙවී ගියේ විදුලි වේගයෙනි. එම සාමණේර හිමි දහනමවැනි වියටද පා තැබීය. වසර ගණනක් පැවිදි දිවියේ ගතකළත් එම සාමණේර හිමියන් පැවිදි දිවියේ අනුගමනය කළ යුතු කරුණු පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. එම හිමියන්ගේ සිතේ තිබුණේ වෙනස්ම ආකාරයේ සිතුවිල්ලකි.

දැනට වසරකට පමණ ඉහත සිට එම චිවරධාරියා අසභ්‍ය වෙබ් අඩවිවල තිබෙන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ පිංතූර නැරඹීමට පුරුදු වී සිටියේය. වැඩි වශයෙන් නැරඹුවේ කුඩා ළමුන් ලිංගිකව හැසිරෙන අයුරු පෙන්වන වීඩියෝ සහ පින්තූරයි. එයට කොතරම් ඇබ්බැහි වූවාද කිවහොත් මෙරට පමණක් නොව විදෙස් රටවල පවා තිබෙන එවැනි දර්ශන ඇතුළත් වෙබ්අඩවි ගැන හසල දැනුමක් එම චීවරධාරියාට තිබුණි.

දිනක් එම චීවරධාරියා මෙලෙස සිතුවේය. “හැමදාම මම කරන්නේ මෙම වීඩියෝ බලන එක විතරයි. පොඩි ළමයින්ගෙ මෙම වීඩියෝ සහ පින්තූර මම එකතු කර ගතහොත් වෙන වෙබ් සයිඩ්වලට, විවිධ සමාජ මාධ්‍ය ජාලාවන්වලට, විවිධ පුද්ගලයන්ට විකුණන්න පුළුවන්. ඒ වටා හොඳ ඉල්ලුමකුත් තියෙනවනේ. එහෙම විකුණලා හොඳ ගාණක් හොයාගන්නත් පුළුවන්. හැබැයි මේක ඉතා සූක්ෂමව කරන්න ඕනා. එහෙම කළොත් කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ගොඩක්ම පිටරට තමයි විකුණන්න ඕනා. එතකොට කිසි කරදරයක් නැහැනේ.”

ඒ අනුව ක්‍රියාත්මක වූ මෙම චීවරධාරියා මේ පිළිබඳව තවත් සොයා බලා ඒවා සිදු කරන ආකාරය ගැන තව තවත් අධ්‍යයනය කළේය. අවසානයේ මෙම නිරුවත් ජායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාල හරහා මුදලට විකුණන ආකාරය පිළිබඳව සියලු තොරතුරු සොයා ගත්තේය. ඒ අනුව සියල්ල දත් මෙම චීවරධාරියා විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට මුදලට විකිණීමේ ජාවාරම ආරම්භ කළේය.

එලෙස මාස කිහිපයක් ගත විය. ආගම දහම පසෙක තැබූ මෙම චීවරධාරියා එම ජාවාරම ජයටම සිදු කරගෙන ගියේය. එම නිසා යහමින් මුදල් ද උපයා ගැනීමට හැකි විය. එම මුදල් වලින් ලැප්ටොප්, නවීන මාදිලියේ දුරකථන මිලදී ගැනීමට ද හැකිවිය. විහාරාධිපති හිමියන් සහ අන් හිමියන්ට සැකයක් ඇති නොවන අයුරින් එම චීවරධාරියා මෙම ජාවාරම ඉතා සූක්ෂම අයුරින් විහාරස්ථානය තුළම සිදු කරගෙන ගියේය.

දිනක් කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට තොරතුරක් ලැබුණි. ඒ මාස කිහිපයක සිට සමහර සමාජ මාධ්‍ය ජාල සමූහයන් ඔස්සේ කුඩා දැරියන්ගේ නිරුවත් පිංතූර සහ නිරුවත් වීඩියෝ දර්ශන වැඩි වශයෙන් සංසරණය වන බවයි.

ලද එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළහ. සති කිහිපයක් ඇතුළත එම ජාවාරම සිදු කරන පුද්ගලයා ගැන තොරතුරු කිහිපයක් සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි විය. එහෙත් ඔහුගේ නම, ගම, පිරිමියෙක්ද ගැහැනියෙක්ද යන වග ඔවුනට සොයා ගැනීමට නොහැකි විය.

නවීන තාක්ෂණය පවා භාවිත කරමින් ඉතා සූක්ෂම අයුරින් මෙම පරීක්ෂණය සිදු කළ එම නිලධාරීන්ට මෙම ජාවාරම සිදු කර ගෙන යන පුද්ගලයා සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් උදා කර ගැනීමට හැකි විය. ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් ඔහු සමග දින කිහිපයක්ම කෙටි පණිවුඩ හුවමාරු කරගනිමින් යම් විශ්වාසවන්ත භාවයක් ගොඩනඟා ගත්තේය.

එලෙස දින කිහිපයක් ගත වූ පසු පොලිස් නිලධාරීන් සහ සැකකරු අතර ලොකු විශ්වාසවන්ත භාවයක් ගොඩනැගුණි. එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගත් පොලිස් නිලධාරීන් එම සැකකරුව නීතියේ රැහැනට කොටුකර ගැනීමට කෙටි පණිවුඩ මගින් සැලසුමක් දියත් කළේ මෙලෙසින්ය.

“දැන් ඔයා මාව ගොඩක් අඳුරනවානේ.”
“ඔව් ඉතින්”
“එහෙනම් පොඩි උදව්වක් ඕනා ඔයාගෙන්.”
“ඒ මොකක්ද?”
“ඔයා වැරදියට හිතන්න එපා මේක අහලා. මගේ හිතේ තිබෙන ආශාවක් තමයි මම මේ කියන්න හදන්නේ.”
“මම මොකටද ඔයා ගැන වැරදියට හිතන්නේ. ඕන දෙයක් කියන්න. මට කරන්න පුළුවන් දෙයක්නම් මම එකෙන්ම කරලා දෙන්නම්.”
“මම ටිකක් වයසක කෙනෙක්. ඇත්තටම මම කැමැතියි කුඩා දරුවන්ගේ, නිරුවත් පින්තූර සහ ලිංගික වීඩියෝ නරඹන්න.”
“ඉතින්”
“මට ඔයා ළඟ තියෙනවනම් ඒ වගේ පින්තූර සහ වීඩියෝ දෙන්න. මම ඔයාට සල්ලි ගෙවන්නම්. ඒ ගැන කිසි සැකයක් හිතා ගන්න එපා.”
“කවුද ඔයාට කිව්වේ මගේ ළඟ ඒ වගේ වීඩියෝ කියනවා කියලා.”
“අනේ මට කවුරුත් කිව්වේ නැහැ. අපි දැන් සති කීපයක් චැට් කළානේ. මට එතකොට හිතුනා ඔයා ළඟ ඒවගේ ඒවා ඇති කියලා. අනික මම වයසක කෙනෙක් ඔය වගේ වෙබ් සයිට් ගැන මම දන්නේ නැහැ. ඒක නිසා ඔයාගෙන් ඇහුවේ. තියෙනවා නම් මට දෙන්න. මම සල්ලි දෙන්නම්.”
“හරි මම ඔයාට උදව්වක් කරන්නම්. ඒ වගේ වෙබ් සයිට් දෙක තුනක් මම දන්නවා. ඒවයින් ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ සහ ෆොටෝ ටිකක් මගේ ළඟ තියෙනවා.”
“එහෙනම් මට දෙන්නකෝ.”
“හැබැයි දෙන්නම් නිකම් නොවෙයි.”
“ඒකට කමක් නෑහැ. මට යන ගාන කියන්න මම එකවුන්ට් එකට දාන්නම්.”
“මම සල්ලි දාන විදිහ ගැන ඔයාට කියන්නම්. හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා.”
“වයසක මම කාට කියන්නද? ඔයා ඒ ගැන බය වෙන්න එපා.”

සැකකරු එම පොලිස් නිලධාරීන්ගේ පළමු ඇමට කොටුවූයේ එලෙසින්ය. ඉන්පසු පොලිස් නිලධාරීන් සැකකරුට රුපියල් දෙදහක මුදලක් ගෙවා නිරුවත් පින්තූර සහ වීඩියෝ ලබා ගත්තේය. සැකකරු එම මුදල් ලබාගත්තේ තහනම් ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු ක්‍රමයක් වන ක්‍රිප්ටො කරන්සි ක්‍රමයෙනි. ඒ අනුව පොලිස් නිලධාරීන් තේරුම් ගත්තේ සැකකරු මෙම ජාවාරම සිදුකර ගෙන යන්නේ ඉතාම සූක්ෂම අයුරින් බවයි.

නවීන තාක්ෂණය භාවිත කරමින් එවන ලද වීඩියෝ හරහා සැකකරු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගියහ. එය රාගම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකි.

විහාරස්ථානයට ගිය පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව විමසන විට වයස අවුරුදු 19ක් වන සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ සමඟම ඔහු සන්තකයේ තිබී දෙස් විදෙස් ළාබාල තරුණියන් ගේ නිරුවත් වීඩියෝ සහ පිංතූර 1500කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. එයට අමතරව ලැප්ටොප් පරිගණක තුනක් සහ නවීන මාදිලියේ ජංගම දුරකථනයක්ද සොයා ගැනීමට හැකි විය. එම වීඩියෝ පට අතරින් සියයට අසූවක්ම තිබුණේ වයස අවුරුදු 10ට අඩු ළාබාල ගැහැනු ළමයින්ගේ ඒවාය.

වැඩිදුර සිදු කළ විමර්ශන වලදී හෙළිවූයේ මෙම සැකකාර චීවරධාරියාට මෙම ජාවාරම සිදු කර ගෙන යෑම සඳහා ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරෙකු ද සිටින බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් එම ත්‍රිරෝද රථ රියදුරු ද අත්අඩංගුවට ගත්තේය.

මෙම සැකකාර චීවරධාරියා වයස අවුරුදු දෙක, තුන, හතර, පහ යන වයස් කාණ්ඩවල දේශීය සහ විදේශීය බාල වයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන රුපියල් දහසේ සිට තුන්දහස දක්වා මුදලකට අලෙවි කර ඇති බවටද කරුණු අනාවරණය විය. සැකකාර චීවරධාරියා මෙම අසභ්‍ය වීඩියෝ පට විකුණා ඇත්තේ වට්ස්ඇප් ගිණුම ඔස්සේ දැන්වීමක් ප්‍රචාරය කර එහි ජංගම දුරකථන අංකයක් යොදාගෙනයි.

අවසානයේ සැකකාර චීවරධාරියා සහ කුලී රථ රියැදුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් දෙදෙනා ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ගයාන් සමරසිංහ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top