මේ කියන්න යන්නේ සමජ මාධ්‍යවල සංසරණය වන තවත් අනුවේදනීය කතාවක් ගැන...
ජීවිතේ ගැටගහගන්න කොච්චර නම් දේවල් මිනිස්සුන්ට කරන්න සිද්ධ වෙනවාද..?
ඒ කාරණය ඇතුලේ අපේ රටේ ජීවත් වෙන සමහර මිනිස්සු මොන තරම් පව්ද කියන එක හිතෙනවා.... මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්...
ජීවත් වෙන්න ගොඩක් දේවල් කරල වෙහෙසුනත් අතට ලැබෙන සොච්චමෙන් කාගේත් මූණට හිනාවක් ගේනන්න උත්සාහ කරපු තරුණයෙකුගේ ජීවිතය මෙන්න මේ විදිහට කඳුළු කතාවකින් අවසන් වෙලා....
ඒ විඩියෝව නරඹන ඔබත් අනිවාර්‍යයෙන්ම ඒ කතාවත් එක්ක සංවේදී වේවි....
"කුලී වැඩ කරලා...හරක් බලාගෙන...ගස් නැගලා...ජීවිතේ ගැටගහගන්න සාධාරණව කීයක් හරි හම්බකරපු "සඳුන්"....ආරංචි විදියට අද අඹ ගහකින් වැටිලා මිය ගිහින්...
එදා උබ කතාකරපු වචනවලවත්... උබේ හිනාවෙවත් කිසිම වංචාවක් තිබ්බෙ නෑ බන්... එදා උබේ කතාව බැලුවෙත් ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.... අපි හැමෝම මේ හැම ගේමක්ම ගහන්නේ සැප නැතත් අමාරුවෙන් හරි ජීවත්වෙන්නයි බන්...
උබත් අපි වගේම කොල්ලෙක්... උබටත් කොච්චර හීන තියෙන්න ඇතිද.... කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇතිද....? තව උබ වගේ අය කොච්චර නම් දුක්විඳිනව ඇතිද...
මේ වෙලාවට තමයි හිතෙන්නෙ...මේ වගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න නැති සල්ලි වලින් මොකටද කියලා...ඒ දුක තේරෙන්නෙ උබ වගේ දුප්පත් මිනිස්සුන්ටම විතරයි....අපිත් හරි අසරණයි බන්...
නිවනින් මතු උපදිනා මනුශ්‍ය ආත්මයක...හොඳ තැනක...හොඳ පෝසතෙක් වෙලා ඉපදියන්..! උබට කවදාවත් ලැබුනෙ නැති සැප වෙනුවෙන් උබ වගේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් උදවු කරපන්..!
නිවන් සුව සහෝදරයා.....!
මුහුණු පොතෙන් උපුටාගැනීමකි....