ලෝක අවිවාහක රූ රැජන (Miss Queen of the World) ලෙස කිරුළ පැලඳි, ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි (Krishangee Gauree), ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජන තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සදහා ඊයේ (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඇය ඊයේ රාත්‍රී 10.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්. - 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ශ්‍රී ලංකා අවිවාහක රූ රැජන තෝරා ගැනීමේ අවසාන මහා තරගය අනිද්දා (22) කොළඹ නෙළුම් කුලුන රඟහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කරනු ලබන්නේ ක්‍රිශාන්ගී ගෞරියි.
එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිවු දෙනෙකු 2024 අප්‍රේල් මාසයේ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජන තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.