අද (19) පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිනී විජේරත්න උසස් පෙළ සිසුන්ගේ කාලසටහන යාවත්කාලීන කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළා.
දරුවන්ගේ අයිතිවාසිකම් නැති කිරීම වැරදි දෙයක් බවත් උතුරු නැඟෙනහිර ඇතුළු අනෙකුත් දුෂ්කර පළාත්වල පාසල්වල විෂය නිර්දේශය තවමත් ආවරණය වී නැති බවත් ඇය සඳහන් කරනු ලැබුවා.
එමෙන්ම, ශිෂ්‍යයින්ට වසර දෙකහමාරක් හිමි උසස් පෙළ පන්තිය 2023 පළමුවැනි වාරයට යන දරුවන්ටත් අහිමි වන බව ඇය සඳහන් කළා.
නොවැම්බර් මාසයේ විභාගය තිබෙන බව ගුරුවරුන්ට බල කළ විට ගුරුවරු ඒ විෂය නිර්දේශය කෙටි කලකින් වේගයෙන් අවසන් කරන විට පළමු වෙනි වර විභාගයට ලියන දරුවන්ට සිදු වන්නේ පාඩුවක් බවයි මන්ත්‍රීවරිය අවධාරණය කර සිටියේ.
එමෙන්ම, දෙවැනි වර උසස් පෙළ ලියන දරුවන්ටත් පාඩුවක් සිදු වෙන බවත්, හොඳ ප්‍රතිඵල බලාගෙන සිටින දරුවන් එම බලාපොරොත්තු සුන් වූ විට දෙවැනි වර ලියන්නට කාලයක් ඕනෑ බවයි ඇය කියා සිටියේ.
2023 උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට දින දී ඇත්තේ 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 වන දා තෙක්.
රෝහිනී විජේරත්න මන්ත්‍රීවරිය යෝජනා කළේ උසස් පෙළ විභාගය ජනවාරි මස 22 දින ආරම්භ කර, පෙබරවාරි 17 වන දා අවසන් කරන ලෙසත්, එවිට නව පාසල් වාරය පෙබරවාරි 19 ආරම්භ කරන්නට හැකි වන බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලබන වසරේ සිට අ.පොස. උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස පවත්වන ලෙසත්.