Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
18
"මැච් එක පාවා දුන්නාද?" ක්‍රිකට් ලොව කැළඹූ ආන්දෝලනාත්මක හෙළිදරව්ව! - video

- "මැච් එක පාවා දුන්නාද?" ක්‍රිකට් ලොව කැළඹූ ආන්දෝලනාත්මක හෙළිදරව්ව! - videoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,553 Views
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක අමිහිරි පරාජයක් වැළඳගන්නට තරගය ආරම්භවී පැය දෙකහමාරක් වැනි කාලයකදී සිදුවුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තම දිනපොතේ වැඩි හරියක් පුහුණුවීම් සහ තරග ක්‍රීඩා කළ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

කළු කඩ මුදලටත් ප්‍රවේශ පත්‍ර රැගෙන ගම් නියමගම්වල පුළුල් තිර යොදා අවසන් තරගයේ ජයග්‍රාහී පහස විඳින්නට සැදී පැහැදී සිටි ලක්ෂ ගණනකප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු රෑ දුටු නපුරු සිහිනයක් ලෙසින් ක්ෂණිකව ඉන්දීය පන්දු බලඇණිය ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළේ සියල්ලන් අර්ධ ශතකයට දවාගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් එක්දින පිටියේදී මෙලෙස අවමන් සහගත පරාජයකට මුහුණදුන් පළමු සහ එකම අවස්ථාව මෙය නොවේ.

මේ වසරේදී පමණක් ඔවුන් ලකුණු 100ට අඩුවෙන් අවස්ථා තුනකදීම දැවීගොස් තිබුණා.

කලින් කලට ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මෙලෙස කඩාවැටීමට තවමත් පිළියම් යොදන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වයට නොහැකිවීම කණගාටුවට කරුණක්.

එක්දින ලෝක කුසලානය පෙනෙනතෙක් මානයේ තිබියදී ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ඉහළ මට්ටමක පැවතිය යුතු මෙවැනි මොහොතක මෙවැනි කඩාවැටීම් හරහා සිදුවන්නේ කළ හොඳ ගඟට කැපූ ඉනි මෙන් නිමේෂයකින් සුණුවිසුනුවීමයි.

කණ්ඩායමේ නායකත්වයේ බර දරන දසුන් ශානක මෙම තරගාවලියේදීත් ලකුණු අතරට පැමිණෙමින් සිය වගකීම හරිහැටි ඉටු නොකිරීම කණගාටුවට කරුණක්.

ඕනෑම ක්‍රීඩාවක තරග ජයග්‍රහණය සඳහා වාසනාව ද අවශ්‍ය බව නොරහසක්.

නමුත් එම වාසනාව දඩමීමා කරගනිමින් හැමදාමත් දක්ෂතාවයට පයින් ගසනවානම් ඊට කදිම පිළිතුරක් ඉන්දියානු ක්‍රීඩකයින් ඊයේ ලබාදුන්නේ සටනකින් තොරව 08 වැනි වරටත් ආසියානු ශූරයින් ලෙස අභිෂේක ලබමින්.



 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top