අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් කාන්තාවක් මාළු ආහාරයට ගෙන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන පුවතක් වාර්තා වී තිබෙනවා.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝරා නමැති කාන්තාවක් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.
එම කාන්තාව ප්‍රදේශයේ වෙළෙඳපොළට ගොස් මාළු වර්ගයක් මිලට ගෙන එය පිළියෙල කර ඇති අතර එය ආහාරයට ගැනීමෙන් අනතුරුව ඇයගේ ශරීරය කෙටි කාලයක් තුළ වෙනස්කම්වලට භාජනය වී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඇයගේ ඇඟිලි කළු වී ඇති අතර කකුල් සහ යටි තොල් කළු වී තිබෙනවා.
ඇයව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ ලෝරාගේ වකුගඩුවලට හානි සිදුවී ඇති අතර අත් පා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති බැවින් ඇය මේ වන විටත් ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.