මල් වට්ටි වෙන්දේසියකදී විශාල මුදලකට මල් වට්ටියක් අලෙවි වූ පුවතක් වැලිගම බටවල පාතේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේදී මෙම මල් වට්ටි වෙන්දේසිය සිදුකර තිබෙනවා.
එහිදී මෙම මල් වට්ටිය රුපියල් 84,000ක මුදලට වෙන්දේසි වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම මල් වට්ටිය විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින් චෛත්‍යයක අනුරුවක් ලෙස නිර්මාණය කර තිබෙනවා.