ලංකාවේ ක්‍රිකට්වලට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා..
ක්‍රිකට් කියන මහත්මා ක්‍රීඩාවේ ගුණාත්මක බව රකින්න ක්‍රීඩකයන් කොච්චර වෙහෙස මහන්සි වුණත්, ඊයේ රාත්‍රියේදී ඒ බලාපොරොත්තු ලංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය තුල සුනුවිසුනු වුණා..
මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක්... එක ළඟ ළඟ තරගාවලියේ අවසානය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටෙද්දී අසියානු කුසලානයේ ඒ සේයා රුව පවා ලංකාවට බොඳවී පෙනුනා...
ඒත් ලංකාවේ දහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයා ඒ හැම දුකක්ම සම සිතින් දරාගෙන ඊයේ ප්‍රේමදාස පිටියෙන් නික්ම ගියේ, තවත් තරගයකදී
ඊයේ ගිලිහුණ සතුට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඔවුන්ට ලබා දේවී යන බලාපොරොත්තුව ඇතිවයි....
මේ කතා කොහොම වුණත්, ආසියානු ලෝක කුසලානයට පෙර BCCI (The Board of Control for Cricket in India) විසින් ගත් ප්‍රධාන තීරණයක් ගැන වසීම් අක්‍රම් කතා කළ පුවතක් සමාජමාධ්‍ය අතර මේ වන විට දැඩිව සංසරණය වෙනවා..
ලෝක කුසලානයට පෙර ක්‍රීඩකයින් නැවුම්ව සිටීම කණ්ඩායමට වැදගත් බව අවධාරනය කරන වසීම් අක්‍රම් කියා තිබුණේ එය තරගාවලියේ ජයග්‍රහනයට ප්‍රබල හේතුවක් වන බවයි...
ඒත් එක්කම සත්කාරක කණ්ඩායම වන පකිස්තානයත් පරාජයට පත් කරමින් වාර්තාගත 8 වැනි ආසියානු කුසලාන ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා...
එසේම ශ්‍රී ලංකා පිලේ සියලුදෙනාම ලකුණු 50කට දැවී යාමද ඔහුට අදහාගත් නොහැකි බවයි වසීම් පවසන්නේ.. එසේම මෙම තරගය ගැන මේ වෙද්දී විවිධ කතා බහ ක්‍රිකට් ලෝලීන් අතරේද හුවමාරු වෙනවා....