දරුවෙකුට මාරාන්තික රෝගයක් ඇති වෙලා කියලා දැනගත්ත මොහොතේ ඉඳලාම මව්පියන් ඉන්නේ ඒ ගැන විමසිල්ලෙන්..
නිතර දෙවේලේ ප්‍රතිකාර ගැන වද වෙනවා වගේම වෛද්‍යවරු ගැන අපමණ විශ්වාසයකින් තමයි රෝගීන් ඉන්නේ....
ඒත් ඉතින් මේ කියන්න යන්නේ තව්ත් කඳුලකින් කෙලවර වුණ රෝහල් කතාවක් ගැන...
එන්නතක් ආසාත්මික වීමෙන් තම දරුවා ජීවිතක්ෂයට පත් වූ බවට ඔහුගේ දෙමාපියන් ඇතුලු ඥාතීන් චෝදනා කරනවා.
ගාල්ල - තවලම, හල්විටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි කසුන් දිලාර නමැති ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ...
අක්මාවේ හටගත් පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා...
ඒ අනුව පසුගිය සිකුරාදා ද ප්‍රතිකාර සදහා ඔහු අපේක්ෂා රෝහල වෙත සිය ප්‍රතිකාර සදහා තනිවම ගොස් ඇති අතර එහිදී ඔහුට එන්නතක් ලබාදී ඇති බවටයි ඔවුන්ගේ ඥාතීන් පවසනවා...
එම එන්නත ලබාගැනීමෙන් විනාඩි 10 ක පමණ කාලයක් තුළ මතු වූ සංකූලතා හේතුවෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහුගේ ඥාතීයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කර තිබුණේ...
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය මහරගම අපේක්ෂා රෝහලේන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ මෙවැනි සිද්ධියක් වාර්තා වී නොමැති බවයි...