මෙහෙමත් හොරකම් කරන අය ඉන්නවාද කියලා ඔබටත් මේ කතාව ඇහුවම හිතේවි...
මේ බලන්නකෝ ඒ කතාව මොනවා ගැනද කියලා....
ගිරානේගම පොලිස් වසමේ, උල්පත යාය ප්‍රදේශයේ වගා බිමක ලක්ෂ දෙකහමාරක් වටිනා දෙහි කිලෝ 250 සොරකම් කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ විමර්ශනයක් ආරම්භ කළ බව ගිරානේගම පොලීසිය පවසනවා...
දඔුලු හල්මිල්ලෑව, ප්‍රදේශයේ අක්කර තුනකඉඩමක දෙහි වගාවක් සිදු කර ගෙන යන හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ...
එසේම තමාට අයත් වගා භූමියේ වරින්වර සොරුන් විසින් දෙහි කඩා සොරකම් කර රැගෙන යන බවට තොරතුරු ලැබීමත් සමග, යතුරු පැදිය අසල නිවසක දමා, පා ගමනින් වගා ඉඩමට ඇතුළු වන අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙකු දෙහි කඩමින් සිට ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙනවා...
පැමිණිලිකරු ඒ අසලට ලංවනවාත් සමග දෙහි ගෙඩි කැඩීමට යොදා ගත් කෙක්කක්ද එම ස්ථානයේ දමා ඔවුන් දෙදෙනා පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා...
මෙම වගා බිමේ දෙහි ගස් වලින්, වරින් වර මේ වන විට දෙහි කිලෝ 250 කඩා ඇති බවත් වෙළඳපොලේ දෙහි කිලෝ එකක් රුපියල් දහසක් පමණ වන බවත්, සොරකම් කරන ලද දෙහිවල මුළු වටිනාකම 250000ක් බව පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්..