මෙවර ආසියානු ක්‍රිකට් ශූරතාවය දින ගත්තේ සුපිරි ඉන්දියානු කණ්ඩායමයි.අනුශූරයන් වූ ශ්‍රී ලංකා කන්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 50ක් පමනයි.
මෙහි දී ශ්‍රී ලාංකික පිතිකරුවන්ගේ ගමන අඩාල කල මොහොමඩ් සිරාජ් කඩුළු 6ක් ලබා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව ලබා ගත් මේ ලකුණු ප්‍රමාණය ආසියානු කුසලානයක අවසන් තරඟයකදී ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය බවට පත් වුණා.
මෙම තරඟාවලිය අවසානයේදී මොහොමඩ් සිරාජ් වෙත ලැබුණු ත්‍යාග මුදල ක්‍රීඩාංගණය භාර සේවකයින් වෙත පිරිනමනු ලැබුවා.
එම මුදල ලක්ශ 16ක පමණ මුදලකට ආසන්නයි.
ඒ මෙවර ආසියානු කුසලානයේදී ඔවුන් සිදු කල කැප කිරීම වෙනුවෙන්.
ඒ වගේම ආසියානු ක්‍රිකට් කවුන්සලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක්ද ඔවුන් වෙත පිරිනැමුනා.
ඒ පල්ලෙකැලේ සහ ප්‍රේමදාස පිටියේ සේවකයින්ටයි මේ මුදල් පිරිනැමුනේ.
