කොයිතරම් කාර්යබහුල රාජකාරි පරිසරයක දිනපතා වෙහෙසෙමින් කටයුතු කළත්,ඇයගේ මුහුණ සුපුරුදු සිනහවෙන් සැරසෙයි.
කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඔබට ඇය මවක් මෙන් දැනෙන බව නම් විශ්වාසයි. ඈ තුළ පිරුණු මානව ගුණදම් නිසාම සමස්ත හෙද වෘත්තිය කෙරෙහිම කාගෙත් හිතේ මැවෙන්නේ පැහැදිලි චිත්‍රයක්.
වෘත්තියට එහා ගිය සේවාවක් සපයන ඈ නමින් කවුරුත් හඳුනන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා යි.
ජාතික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයේ රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන හෙද නිලධාරිනිය වන ඇය දිනෙන් දින බැබළෙන්නේ වෘත්තීය අත්දැකීම් සහ තවදුරටත් කරනු ලබන අධ්‍යනයන් තුළිනුයි.
ඇය ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.
ඊයේ පස්වරු 7 ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සංවිධානය කර තිබූ මෙම ගෝලීය සම්මාන උළල සදහා රටවල් 10 කට වඩා නියෝජිත පිරිසක් සහභාගි විය.
විවිධ කේශ්ත්‍ර වල ප්‍රබලයන් ඇතුඵ විශාල පිරිසක් මේ අවස්තාව නියෝජනය කළ අතර හෙද නිළධාරිණියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.