දුර්ලභ වෛරස් ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට වෛද්‍ය බලධාරීන් පවසන්නේ "එම දෙදෙනා නිපා නම් වෛරසය ආසාදනය වීමෙන් මියගොස්" ඇති බවයි.
ඉන් එක් අයෙක් අගෝස්තු මාසයේදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති අතර ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන බවත් තවත් දෙදෙනෙක් ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් දෙදෙනාගේ ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන ඇති අතර මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බවද සඳහන්.