රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනපති මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (09) කොළඹ පෞද්ගලික රෝහලක පැවති සැමරුමකට සහභාගී වෙමින්.
සෑම පුරවැසියෙකුට ම වෛද්‍ය රක්ෂණයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි ඔහු පවසා සිටියේ.
ඒ තුළින් ප්‍රතිකාර ලබා ගැනීමට රජයේ රෝහල්වලට යනවාද පෞද්ගලික රෝහල්වලට යනවාද යන්න තීරණය කිරීමට ජනතාවට හැකියාවක් පවතින බවයි ජනපති සඳහන් කර සිටියේ.
එමෙන් ම විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතු බවත් එයින් පෞද්ගලික ව්‍යවසායකයින්ටත් නව මාවතක් විවර වෙන බවයි ජනපති වැඩිදුරටත් පවසා සිටියේ.