හින්දු කෝවිල්වල දැන් මේ සිදුවීම සුලභ වෙලා....
ඒත් පළතුරක් වෙනුවෙන් මෙච්චර මිලක් ලබාදෙනවාද කියන එක ඇත්තටම කෙනෙක්ට අදහා ගන්නත් බැරි වෙයි....
වව්නියාව උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට වෙන්දේසි වූ පුවතක් වාර්තා වනවා..
වව්නියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයෙ පදිංචි චන්ද්‍රන් සිනුදුරාජා නැමති කාන්තාව විසින් ඊයේ සවස මෙම අඹ ගෙඩිය පූජාවට තබා තිබූ අතර එය රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට මිළට වෙන්දේසි වී තිබුණා
කෝවිලේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අරමුණින් කෝවිල් පාලක සභාව විසින් මෙම වෙන්දේසිය පැවැත්වූ බව සඳහන් ..
මීට දින කිහිපයකට ඉහත දී උක්කුලායන්කුලම ප්‍රදේශයේම වෙනත් කෝවිලක කෝවිල් වෙන්දේසියකදී මෙවැනිම අඹ ගෙඩියක් වෙන්දේසි වී තිබුනේ රුපියල් 85000 කටයි....