දියණියකගේ මල්වර මංගල්‍යයේ සතුට ඇයට ආදරය කරන බොහෝ දෙනාට දැනෙනවානේ...
අම්මා තාත්තා වගේම මේ වගේ වෙලාවක ඇය වටා ඉන්න හැම කෙනෙක්ම දියණියකගේ ආරක්ශාව ගැන දෙපාරක් හිතනවා...
ඒත් මේ කියන්න යන්නේ ඒ වගේම කතාවක් එක්ක බැඳුන වෙනස් අත්දැකීමක් ගැන කතාවක්....
මේ පුවත වාර්තා වෙන්නේ කිළිනොච්චිය කරඩුපෝක්කු හන්දිය ප්‍රදේශයෙන්...
මෙහිදී මල්වර වූ දියණිය උදෑසනම නහවා අළුත්ම වස්ත්‍රාභරණ වලින් ඇයව අලංකාර ලෙස සරසා දෝලාවක් වැනි පල්ලැක්කියක් මත ඇයව හිදුවා මුළු කිළිනොච්චිය නගරය පුරාම පෙරහැරක් ගොස් තිබෙනවා....
එම පෙරහැරේ බෙරකරුවෝද නැට්ටුවෝද වෙනත් අංග ඉදිරිපත් කළ පිරිස්ද මල්වර වූ දියණියගේ ඥාතීන්ද ගමන් කොට ඇති බවයි වාර්තා වෙන්නේ....
කොහොම වුණත් සමහර අය නම් මේ කතාව එතරම් සුවිශේෂී නොවුණත් තවත් සමහර වැඩිහිටි හින්දු ජනතාව මේ ගැන එතරම් ප්‍රසාදයක් දක්වන්නේ නැහැ.....
