අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වූ චෝදනාවලට පසු ඔහු වරදකරු බවට පත්ව ඇති අතර එහිදී ඉතා සුළු වෙලාවක් ඔහුට සිර මැදිරියක ඉන්නට සිදු වුණා..
එහිදී ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ දී ලබා ගත් ‘මග් ෂොට්‘ නමින් හැදින්වෙන ඡායාරූපයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා...
2020 වසරේ ජෝර්ජියා මැතිවරණ කඩාකප්පල් කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ට්‍රම්ප් ඇතුලු තවත් 18 දෙනෙකුට වෝදනා එල්ල වී තිබුණා...
ඒ අනුව පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාර වූ අතර පසුව ට්‍රම්ප් ඩොලර් ලක්ෂ 2 ක ඇප බැදුම්කරයක් මත නිදහස් කර තිබුණා...
එහිදී ගත් ට්‍රම්ප්ගේ උඩුකය ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කෙරුණා.... මෙම ඡායාරූපයෙන් දැක්වෙනුයේ අපරාධ චෝදනාවට ලක් වූ අයෙක් අත්අඩංගුවට ගත් බවයි.... මෙය ‘මග් ෂොට්‘ ලෙස හැදින්වෙනවා..
