හඳුනානොගත් රෝගයක් නිසා අතපය හරිහැටි උස්සාගන්න බැරිව වගේම ඇවිදගන්න බැරිවත් අවුරුදු 12ක් විතර මේ රෝගයෙන් පීඩා විඳපු තරුණියන් දෙදෙනෙකුගේ ලෙඩේ පැය 8ක විශ්මිත වෙදකමකින් සුව කරන්න සමත්වුණු වෛද්‍යවරයෙක් ගැන අපිට ආරංචි වුණා.
මේ රෝගයෙන් පීඩා විඳපු තරුණියන් දෙදෙනා පදිංචි වෙලා ඉන්නේ ගලේවෙල තෙන්නකොන්පුර. නිසංසලා සහ දිලිණි නම් වූ මෙම තරුණියන් දෙදෙනා ජිවිතයේ සොදුරුම කාලයේ කිසිවක් කරකියා ගන්න බැරුව ඉන්න හැටි දැකපු කාගේ වුනත් ඇස් දෙකට කඳුලක් එනවා නොඅනුමානයි.
ඊයේ (25) මේ තරුණියන් දෙන්නා ගැන ආරංචි වුණු දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා වාහනයකින් ඔවුන්ගේ ගෙදරට ආවේ ඔහු දන්න කියන වෛද්‍යවරයෙකුට මේ දෙන්නවා පෙන්නමු කියාගෙන.
හැමතැනින්ම බෙහෙත් කළත් හරිහමන් හොඳක් වුනේ නැති නිසා මෙයාලගේ අම්මාත් හිටියේ ගොඩක් දුකින්. දුවලා දෙන්නවා කොහොමහරි හොඳකරගන්නවා කියන අධිෂ්ඨානයෙන් ඔවුන් ජාලිය ඕපාත මහතා කියපු වෛද්‍යවරයා මුණු ගැහෙන්න ගියා. ඒ අතරේ අදහා ගන්න බැරි දෙයක් තමයි සිද්ධ වුනේ.
සවස 2.30 විතර කළින් කීව විශ්මිත වෛද්‍යවරයා මුණගැහෙන්න මේ අය ගියාම වසර 12ක් පමණ ඇවිදගන්න, අතක් පයක් උස්සාගන්න බැරිව හිටපු තරුණියන් දෙන්නට ඇවිදින්න පුලුවන් වුණා. ඒ වගේම අත් උස්සලා වැඩ කරගන්නත් පුලුවන් වුණා. කොහොම වුනත් තවත් දවස් 3ක් විතර ප්‍රතිකාර කළාම මේ ලෙඩේ හොඳටම හොඳ කරගන්න පුලුවන් වෙයි කියලා තමයි වෛද්‍යවරයා කීවේ. තමන්ගේ දරුවන්ට සනීපවෙන හැටි දැක්කම අම්මාගේ ඇස්වලින් සතුටු කඳුළු ආවේ කියාගන්න බැරි දාහක් දේවල් ඒ වෙලාවේ ලෝකෙටම පෙන්නලා. ඒ වගේම මේ වෛද්‍යවරයා ඉන්නේ දඹුල්ල යාපාගම ප්‍රදේශයේ කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ. මෙම වෙදමහතා වෙදකම් කරනු ලබන්නේ දිනකට රෝගීන් තුන්දෙනෙකුට පමණි. එම නිසා දැනුම්දීමකින් තොරව පැමිණීමෙන් ඔබව අපහසුතාවයට පත්වනු ඇත. එම නිසා පහත ඇති දුරකථනයන්ගෙන් එකකට ලෙඩාගේ නම, වයස, ලෙඩේ ස්භාවය පිළිබඳව කෙටි පණිවුඩයක් මාර්ගයෙන් (SMS) දැණුම් දී දිනයක් වෙන්කරවා ගත හැකි බව වෙදමහතා පවසයි. වෙද මහතාගේ දුරකථන අංක0712074297 හා 0723893691 VIDEO