Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
18
“...කැපිලි, කෙටිලි ඉරිසියා කිරීම් සිදුකරන්නේ තිරයෙන් පිටුපසයි. මගේ මූණට නම් කවුරුත් බැන්නෙ, බලපෑම් කළේ නෑ..” - සේමිණි ඉද්දමල්ගොඩ කලකට පසු කතා කරයි.. - Photos

- “...කැපිලි, කෙටිලි ඉරිසියා කිරීම් සිදුකරන්නේ තිරයෙන් පිටුපසයි. මගේ මූණට නම් කවුරුත් බැන්නෙ, බලපෑම් කළේ නෑ..” - සේමිණි ඉද්දමල්ගොඩ කලකට පසු කතා කරයි.. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

116 Views
වෙනස්ම ටෙලි නිර්මාණයන් තුළින් ප්‍රේක්ෂකයින් වෙත සමීප වුණු ඇය
රිදී තිරයෙත් ආන්දෝලනාත්මක චරිත නිරූපණවල යෙදුණා.

'යකඩ පිහාටු', '28' වැනි චිත්‍රපට ඒ අතරින් කැපී පෙනෙනවා.

මේ සේමිණි සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්..

පුංචි තිරයට සාපේක්ෂව රිදී තිරය තුළ ඔබට ප්‍රමාණවත් ඉඩක් ලැබුණේ නැහැ කියලා අපට හිතෙනවා. ඔබ ඒ ගැන දරන අදහස කුමක්ද?
ඒක මටත් දැනුණු දෙයක්. මම තරුණ අවධියේ කලාවට සම්බන්ධ නොවීමත් ඊට හේතුවක් වන්නට ඇති. මම කලාවට සම්බන්ධ වෙන්නේ විවාහ වීමෙන් අනතුරුවයි. යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් වැනි චිත්‍රපටිවල ප්‍රබල චරිත මට ලැබුණත් සාපේක්ෂව රිදී තිරය සඳහා මට ආරාධනා ලැබුණේ අඩුවෙන්. විවාහයෙන් පසුව ක්ෂේත්‍රයට පැමිණි නිසා මට රිදී තිරයේ බොහෝ අවස්ථාවන් ගිලිහුණා. නමුත් විවාහයෙන් පසු ක්ෂේත්‍රයට පැමිණි ශ්‍රියානි අමරසේන අක්කා රිදී තිරය තුළ ජයග්‍රාහි ගමනක් ගියා.

කලා ක්ෂේත්‍රයේ මුල් පියවර තැබීමට ඔබට ශ්‍රියානි අමරසේකරයන්ගෙන් සුවිශාල සහායක් ලැබුණා නේද?
ඔව්. ඇය නිසයි මම කලා ක්ෂේත්‍රයට පිවිසුණේ. ඇය මගේ ඡායාරූපයක් දැකලා ඇගේ තරුණ අවධියේ හැඩහුරුකම්වලට මම බෙහෙවින් සමීප නිසා ඇයගේ තරුණ කාලයේ චරිතයට මම සුදුසුයි කියා තීරණය කර, මට එයට ආරාධනා කරනවා. එතකොට මට රඟපාන්න පුළුවන් ද කියලවත් ඇය දැන සිටියේ නැහැ. ඔවුන් මාව ඒ චරිතයට තෝරා ගත්තේ මම ශ්‍රියානි අක්කගෙ රූපයට සමාන නිසා විතරයි. නමුත් මම එයට රංගනයෙන් සාධාරණයක් කළා යැයි මම විස්වාස කරනවා.

චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස කැපී පෙනෙන කොට කැපිලි කෙටිලිවලටත් මුහුණ දෙන්න සිදු වුණා ද?
කැපිලි, කෙටිලි ඉරිසියා කිරීම් සිදුකරන්නේ තිරයෙන් පිටුපසයි. ඒවා අපගෙ මුහුණ ඉදිරියේ සිදුවන දේවල් නෙමෙයි. මේතාක් මගේ මුහුණට කවුරුත් බැණලා වත්, බලපෑම් කරලා වත් නැහැ. ටෙලි නාට්‍ය විකාශනය වෙන්න පටන් ගත්තම මගේ සහෝදර රංගන ශිල්පීන් වගේම ප්‍රවීණයන් බොහොමයක් මට කතා කළා. ඒ වගේම ඔවුන් සුබ පැතුම් එක් කළා. ශ්‍රියානි අමරසේන, වසන්ති චතුරාණි, නිල්මිණි තෙන්නකෝන්, නීටා ප්‍රනාන්දු, අවන්ති අපෝන්සු වැනි ප්‍රවීණයන් ඒ අතර හිටියා. තාරුණ්‍ය නියෝජනය කරන රංගන ශිල්පිනියන් පවා මට කතා කරමින් සුබ පැතුවා. ඔවුන්ගෙ හිත්වල කහටක් ගෑවිලාවත් නැහැ. යම් දක්ෂයෙක් අගයන්නේ තවත් දක්ෂයෙක් පමණයි.

රිදී තිරය තුළ අතීතයේ සිටි තරු තවමත් අපේ හිත්වල බැබළෙනවා. නමුත් වර්තමාන රංගන ශිල්පීන් තුළ එකී තරු ගුණය අප දකින්නෙ නැත්තෙ ඇයි?
හැමදාම, එක දිගට රූපවාහිනිය තුළ දකින විට රංගන ශිල්පීනගේ අගය අඩු වෙනවා. ඔවුන් සාමාන්‍යකරණය වෙනවා. මම ටෙලි නාට්‍යයක රඟපාන්නෙ වසර 7කට පසුවයි. එකී වසර හත තුළ මම චිත්‍රපටි හතරක් කළා පමණයි. නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි වගේ නිතර නිතර ඇසට ඒ රූපය හුරුවීම තුළ එකී තරු ගුණය අඩු වෙනවා. ඒකාකාරී චරිතවලින් බැහැරව විවිධ චරිත නිරූපණය කරනවා නම් එවැනි ගැටලු පැන නඟින්නේ නැහැ. නමුත් එය වෘත්තීය රංගන ශිල්පීන්ට අසීරු කාර්යයක්. මම කලා ක්ෂේත්‍රයට පිවිස වසර විස්සකට අධිකයි. නමුත් මම එකී කාලය තුළ රඟපෑ නාට්‍ය ගණන 40කටත් අඩුයි. රංගන ක්ෂේත්‍රය තුළ උඩුගම් බලා පිහිනන්න හැමෝටම බැහැ.

ඔබගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් නිෂ්පාදනයට වගේම අධ්‍යක්ෂණයට යොමු වෙනවා. ඔබත් අනාගතයේදී එකී කාර්යයන්ට අතගසයි ද?
මම නිෂ්පාදනයට මින් පෙර යොමු වුණා. නමුත් එයින් මූල්‍යමය ප්‍රතිලාභ මට ලැබුණෙ නැහැ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. ඒ නිසා නැවතත් නිෂ්පාදන කාර්යයට මම යොමු වෙන එකක් නැහැ. ඒ වගේම අධ්‍යක්ෂණ කාර්ය මගේ ඇඟේ නැහැ කියල මම තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා පුළුවන් වැඩේ කරගෙන මම පාඩුවේ ඉන්නවා.

විශ්මි ප්‍රනාන්දු
සිළුමිණ රසඳුන අතිරේකයෙන්..
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top