කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය 93 වැනි වරට ලබන මාර්තු 4, 5 දෙදින කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතයි.
සුලෝහිත සංග්‍රාම දෙදින තරග ඉතිහාසයේ, වැඩිම ජයග්‍රහණ දිනාගෙන සිටින ආනන්ද විද්‍යාලය තරග 12ක් ජයග්‍රහණය කර ඇති අතර, නාලන්ද විද්‍යාලය තරග 7ක ජයග්‍රහණ හිමි කරගෙන තිබෙනවා.
‘සුලෝහිත සංග්‍රාමය’ සඳහා මාධ්‍ය සත්කාරකත්වය ලබාදෙන්නේ හිරු ටීවී මාධ්‍ය ජාලය යි.