Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
28
“....මාව ගන්න ආපු ඩ්‍රයිවර් අන්තිමට හස්බන්ඩ් වුණා. කෙළින්ම ඇහුවේ බඳින්න කැමතිද කියලා? දරු සුරතල් බලන්න ආසාවෙන් ඉන්නවා.” - චතූ රාජපක්ෂගේ ආදර කතාව.. - Photos

- “....මාව ගන්න ආපු ඩ්‍රයිවර් අන්තිමට හස්බන්ඩ් වුණා. කෙළින්ම ඇහුවේ බඳින්න කැමතිද කියලා? දරු සුරතල් බලන්න ආසාවෙන් ඉන්නවා.” - චතූ රාජපක්ෂගේ ආදර කතාව.. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

93 Views
නිර්මාණ කිහිපයකට දායක වී තිබුණත් ඇගේ රංගන හැකියාව ගැන බොහෝ දෙනෙක් කතා කරනවා.

රංගනය වගේම නිවේදන හැකියාව ඇති ඈට අහම්බෙන් හමුවුණු ආදර කතාවක පැටලෙන්න සිදු වුවත් එහි ප්‍රතිඵලය විවාහයකින් කෙළවර කර ගත්තා.

ඒ තමයි චතූ රාජපක්ෂ.

විවිධ චරිත එක්ක රූප පෙට්ටියට ගොඩ බැස්ස ඇයත් ඇගේ ආදරණීය සැමියා දර්ශනත් පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ..

කොහොමද චතූ..?
ටෙලි නාට්‍ය වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් දවස ගෙවනවා. පෞද්ගලික ජීවිතේත් සුන්දර විදිහට ගෙවනවා.

චතූ ටෙලි නාට්‍ය බොහෝමයකට සම්බන්ධ නොවුණත් ජනප්‍රිය චරිතයක් මේ වෙද්දී ..?
මම 2016 අවුරුද්දේ තමයි මුලින්ම ෆිල්ම් එකකට සම්බන්ධ වෙන්නේ. ඒක තවම තිරගත වුණේ නැහැ. මේ වෙද්දී ටෙලි නාට්‍ය අටක් කරලා තියෙනවා.

චතූ විවාහ වුණේ චතූට කෝරෝනා කාලේ ගමන් බිමන් යන්න පහසුකම් ලබා දුන්නු තරුණයෙක් කියනවා, දර්ශනද කොස්ට්ගාව. මොකක්ද ඒ කතාව..?
කොරෝනා මුල් කාලේ වෙච්ච සිදුවීමක් ඒක. එයාගේ අයියා වැඩසටහනකට මට ආරාධනා කළා. මම අයියට කිව්වා වාහන ප්‍රශ්න නිසා එන්න වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ එයා කිව්වා වාහනයක් එවන්නම් ඔයා වැඩේට එන්න කියලා. තනියම යන්න බැරි නිසා යාළුවෝ තුන් දෙනෙක්ම ගමනට එකතු කර ගත්තා. අදාළ දවසේ මට වාහනයක් එවලා තිබ්බා. අපි හිතුවේ ටැක්සි එකක් එවලා ඒකේ ඩ්‍රයිවර් කියලා. ටික දුරක් යද්දී අපි එයත් එක්ක හොඳින් කතාබහ කළා. ආරාධනා කළ අයියයි අපිව ගන්න ආපු වාහනේ කෙනයි ටිකක් එක වගේ. ඉතිං මම ඇහුවා ඔයාගේ එයා කවුද කියලා අයියා කිව්වා. ඉතිං තවත් ෆිට් වුණා. වැඩේ ඉවර කරලා අපි ඩිනර් එකටත් සෙට් වුණා. කට්ටියක් හිටපු නිසා ට්‍රිප් එකක් යන්නත් කතා වුණා . තාම ඒ ට්‍රිප් එක නම් යන්න බැරි වුණා. ඒ වුණා ට අපි දෙන්නා නම් සඳහටම සෙට් වුණා. මාව ගන්න ආපු ඩ්‍රයිවර් අන්තිමට හස්බන්ඩ් වුණා.

ඔබේ පෙම්වතා ඔහු වෙද්දී ඔහුගේ සහෝදරයා මොකද කිව්වේ..?
අපේ හමුවීමෙන් ටික දවසකට පස්සේ තමයි අපි පෙම්වතුන් වුණේ. අයියට හා පවුලේ අයට එයා ඉක්මනින් කිව්වා. ඒ දැන ගත්තට පස්සේ කවුරුත් විරුද්ධ වුණේ නැහැ

තවම ආදරේ ප්‍රකාශ කරලා නැහැ නේද ..?
නැහැනේ. කෙළින්ම ඇහුවේ මාව බඳින්න කැමති ද කියලා. මම හිතුවා එයා මට විහිළුවට කියනවා කියලා. ඒ ප්‍රශ්නෙම නිතරම කියන්න ගත්තා. ඊට පස්සේ තමයි හිතුණේ මෙයා අහන්නේ ඇත්තටම කියලා. ඒ වෙද්දී වෙන කෙනෙකුට ආදරේ කරන්න මට වුවමනාවක් තිබ්බේ නැහැ. මොකද මගේ එෆයාර් එක නතර වෙලා මාස තුනක් විතර. ඒ නිසා වෙන ආදරයක් ගැන හිතන්න කැමැත්තක් තිබ්බේ නැහැ. මෙයාගේ හැසිරිම් හා කෙළින්ම බඳිමුද කියලා අහපු නිසා එයා ගැන හිතන්න පටන් ගත්තා. ඊට පස්සේ හා කිව්වා.

යාළු වෙලා කෙටි කලකින් විවාහ වුණේ ..?
එයාට මම කැමැත්ත දුන්නු ගමන් කිව්වේ කාලයක් ඉන්න බැහැ ඒ නිසා ඉක්මනින් විවාහ වෙමු කියලා. අපි දෙන්නම ආදරේ කරන්න ලොකු කාලයක් ගෙවලා තිබ්බේ. එයා කිව්වා තව කාලයක් ගත කරන්න කාලය නැහැ. කාලේ යන්න යන්න ප්‍රශ්න මතු වෙනවා කියලා. ඊට පස්සේ 2020 ඔක්තෝබර් 18 විවාහ වුණා. මාස හයක් විතර ආශ්‍රය කරලා විවාහ වුණා . ඇත්තටම කිව්වොත් ඒ තීරණය හරි. අපි දැන් තමයි ආදරේ කරන්නේ.

රඟපෑවා ඇති කියන්නේ නැද්ද ..?
මුලින්ම එයා ඇහුවා. දිගටම රඟපානවද කියලා. එදා මම කිව්වා ඔයා අකමැති නම් නතර කරන්නම් කියලා. එදා ඉදලා තවම එපා කිව්වේ නැහැ. මම භාර ගත්ත වැඩ ටික ඉවර කරලා දරු සුරතල් බලන්න ආසාවෙන් ඉන්නවා. එතකල් රඟපානවා.

චතූගේ කතාබහෙන් අනතුරුව ඇයගේ සැමියා දර්ශන කතාවට එකතු වුණේ මෙහෙම යි.

චතුව මුලින්ම ගන්න කියලා කියපු මොහොතේ ඔබේ සහෝදරයාට දුන් උත්තරේ මොකක්ද ..?
අයියා මට කිව්වේ චතූ කියන්නේ මගේ යාළුවෙක්. ඔයා ඒ පැත්තෙන් එන නිසා එයාවත් වාහනේ දාගෙන එන්න කියලා, අයියා එහෙම කිව්ව ගමන් මම කිව්වා මට බැහැ කියලා. එහෙම කිව්වේ මම චතූ කියන්නේ කවුද කියලා එතකොට දැනගෙන හිටියේ නැහැ. අයියා විස්තරයක් කිව්වේ නැති නිසා. නොදන්න කෙනෙක්ව මම මගේ වාහනේ දාගෙන එන්න කැමති නැහැ. ඒකයි එහෙම කිව්වේ

ඇයව රැගෙන ආවේ නිළියක් නිසාද ..?
නැහැ. කිව්වේ නැහැ නේ එයා නිළියක් කියලා. යාළුවෙක් කියලා විතරයි කිව්වේ. දකිනකල් දන්නේ නැහැ. දැක්කට පස්සේ කතා කරාට පස්සේ තමයි දන්නේ එයා ගැන

එතකොට මුලින්ම ඇය ගැන හිතේ කැමැත්තක් ඇති වෙන්නේ..?
ඒ හමුවීමෙන් පස්සේ යාළුවෝ එක්ක අපි දවස් කිහිපයක් රෑ කෑම ගන්න එළියට ගියා. ඊට පස්සේ තමයි කැමැත්තක් එයා ගැන ඇති වුණේ.

ඔබට ආදරේ හිතිලා ආදරේ ප්‍රකාශ කරද්දී ඒ වෙලාවේ ඇය ප්‍රතික්ෂේප කරයි කියලා හිතුවේ නැද්ද ..?
ආදරේ හිතුණු දවසෙම අහනවා කියලා හිතුවා. ඒත් එදා අහන්න බැරි වුණා. දෙවැනි දවසේ තමයි මගේ කැමැත්ත ප්‍රකාශ කරේ. යෝජනා කරන්න බයක් හිතුණෙත් නැහැ එයා අකමැති වෙයි කියලා හිතුණෙත් නැහැ . දෙකින් එකක් වෙයි කියලා හිතලා කල් ගන්නේ නැතුව ඇහුවා.

එතකොට ඔබට නිළියකට ආදරේ කරලා ඒ ආදරේ න් පරාජය වෙයි කියලා බයක් හිතුණු නිසාද ඉක්මනින් විවාහ වෙමු කිව්වේ..?
එහෙම දෙයක් නිසා ඉක්මනින් විවාහ වෙමු කියලා කිව්වේ නැහැ. ඇත්තටම කිව්වොත් එයාට කලින් ආදරේ කරලා මම බූට් කාලා තියෙනවා. එතැනත් අවුරුදු තුනක විතර කාලයක් නාස්ති වුණා. තවත් කාලේ නාස්ති කරලා බොරුවට ආදරේ කර කර ඉන්න එක තේරුමක් නැහැ කියලා හිතුණු නිසයි ඉක්මනින් විවාහ වෙමු කියලා කිව්වේ. එහෙම නැතුව පහු වෙද්දී එයාව නැති වෙයි කියන බයට නෙමෙයි .

හරියට හඳුනා ගන්නේවත් නැතුව කෙටි කාලයක් ආශ්‍රය කරලා විවාහ වෙලා විවාහ ජීවිතේ වෙනසක් වෙයි කියලා බයක් දැනුනේ නැද්ද ..?
එයාව අඳුරගෙන පළවෙනි සතිය ගෙවෙද්දී චතූ මොන වගේද කියලා දැනගත්තා. මට ගැළපෙනම කෙනා එයා කියලා දැණුනු නිසා විවාහ වෙලා පස්සේ කාලෙක ඩිවොස් වෙයිද කියලා බයක් ආවේ නැහැ .

ඇගේ ප්‍රසිද්ධියත් එක්ක ඇය ඔබව සමාජයේන් වසන් කරපු කාල තිබ්බද..?
මාව හමුවුණ පළවෙනි දවසෙම එයා සෙල්ෆි එකක් අරන් ෆේස්බුක් දැම්මා මතකයි. ඒ වගේම ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉදලා එයා මාත් එක්ක ඉන්න ෆොටෝස් විඩියෝස් සමාජ මාධ්‍ය ඔස්සේ දැම්මා. අදටත් එයා විවාහකයි හස්බන්ඩ් කවුද කියලා හංගන්නේ නැහැ. ඇත්තටම මම එයාගේ ඒ ගතිගුණ වලට කැමතියි.

චතූ දැන් ජනප්‍රියයි. බොහෝ දෙනෙක් ඇයට ආදරේ කරනවා , පිරිමි ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දි ඔබට මොකද හිතෙන්නේ ..?
අහන්නේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැද්ද කියලනේ. නැහැ . මොකද එයාට මම ඉදිරියේ ප්‍රතිචාර ලැබෙද්දි මට දැනෙන්නේ සතුටක් හා ආඩම්බරයක් කිව්වොත් මම හරි.

ආදරණීය ජීවිතයක් ගත කරමින් ඉන්න ඇය වෙනතක බැදුණොත්..?
අපි විවාහ වෙලා අවුරුදු දෙකහාමාරක් විතර වෙනවා. එදා ඉදලා අද වෙනකල් එයා ජීවත් වෙන විදිහට තේරෙනවා එයා මාව අත හැරලා වෙන ආදරයක් ගැන හිතන්නෑ කියලා. මේ මගේ හදවතට දැණුනු හැඟිම් වලින් මම උත්තර දෙන්නේ.

නිළියක් වගේම ඈ බිරිඳක් විදිහට සාර්ථක ද.?
අනිවාර්යයෙන්ම ඔව්. එයා නිළියක් කියලා ඔළුවේ තියාගෙන මගේ වැඩ හෝ ගෙදර වැඩ මඟ ඇරලා නැහැ. මම මගේ අම්මා ළඟ ඉන්නකොට අම්මා මාව බලාගත්තා වගේම චතූ මාව බලා ගන්නවා.

චතූ කියන විදිහට එයාට රසට උයන්න පුළුවන්ලු, ඒ කතාව ඇත්තද..?
මම සාමාන්‍යයෙන් කවුරුත් උයන කෑම එහෙම කන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට චතූ මගේ අම්මා වගේම මට රසට කන්න උයලා දෙනවා. එයාගේ කෑම කන්න මම කැමති යි. ඇයට හොඳට උයන්න පුළුවන්

චතූ කියන්නේ ඔබේ බිරිඳ. ඇගේ විලාසිතා කවදාවත් ඔබට වදයක් වෙලා නැද්ද කියලාම කතාබහට සමු දෙමු..?
එයා මෙච්චර කාලයක් එයාට ගැළපෙන විලාසිතා කළේ. ඒ නිසා මේක අඳින්න එපා කියලා මට කියන්න අවස්ථාවක් ඇවිත් නැහැ. ඒ වගේම එයාව හෝ එයා කරන කියන දේ මට වදයක් වෙලා නැහැ. මාව තේරුම් අරගෙන හරි දේ කරන නිසා

හර්ෂණි වීරරත්න
සිළුමිණ පුවත්පතේ 'රසඳුන' අතිරේකයෙන්..
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top