Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
28
"විභාගෙ ලියන්න ගියොත් ඇසිඩ් ගහනවා...." මතක සියල්ල ගුලිකර මහවැලියට දමතැයි බියෙන්, රෝහල් ඇඳක් මත හුදකලා කළ... කෑගල්ලෙ පෙම් හුටපටය !

- "විභාගෙ ලියන්න ගියොත් ඇසිඩ් ගහනවා...." මතක සියල්ල ගුලිකර මහවැලියට දමතැයි බියෙන්, රෝහල් ඇඳක් මත හුදකලා කළ... කෑගල්ලෙ පෙම් හුටපටය !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

79 Views
‘විප්‍රයෝගයද’ ආදරය මෙන්ම පොදු ධර්මතාවක් බව තේරුම් ගැනීමට නොහැකි පරම්පරාවක් අද බිහිවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

අහිමි වීම මෙන්ම වෙන්වීම මැදහත් සිතින් විඳ ගැනීමට නොහැකි තරුණ පරම්පරාවේ බොහොමයක් දෙනා මේ නිසා දැඩි සේ පීඩනයට ලක්ව සිටින බව දැකගත හැකිය.

ආදරයෙන් උමතුව සිටින තරුණ පරපුරේ ඇතැමුන් අතර ඇතිවන විඳ දරා ගත නොහැකි ගැටුම් සමහරක් නිමාවන්නේ දරාගත නොහැකි ඛේදවාචකවලිනි.

පසුගියදා සිදුවූ එවැන්නකින් මුළු කෑගලු පුරවරයම භීතියට පත්වූ අතර, මේ නිසා අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා කෑගලු නගරයට පැමිණෙමින් සිටි උසස් පෙළ සිසු සිසුවියන්ද කිසියම් තැතිගැන්මකට ලක්විණි.

විසි එක් හැවිරිදි උසස් පෙළ අපේක්ෂිකාවක් ඇසිඩ් පොවා මරා දැමීමට ගත් උත්සාහයක් මෙහිදී ව්‍යර්ථ වී ගිය අතර ඉන් තුවාල ලැබූ ඇයට අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමටද වරම් නොලැබිණි.

පෙම් ඇසුරක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිර යන අතර කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කළ විමර්ශනයට අනුව අනාවරණය වී ඇත්තේ මෙවැන්නකි.

අප්සරාගේ මවුපියෝත් පසිඳුගේ මවුපියෝත් කලක සිට දැන හඳුනාගෙන සිටි අය වෙති.

අප්සරාගේ මවත් පසිඳුගේ මවත් එකම ඇඟලුම්හලක සේවය කිරීම ඊට ප්‍රධාන හේතුවයි. මේ නිසා අප්සරාගේ මවුපියෝ පසිඳුගේ නිවෙසටත් පසිඳුගේ මවුපියෝ අප්සරාගේ නිවෙසටත් නිතර යන්නට එන්නට වූහ. අප්සරා පදිංචිව සිටියේ හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේය.

අප්සරාගේ පියා වඩු කාර්මිකයකු වූ අතර පසිඳුගේ පියා කෑගල්ල මහරෝහලේ සේවය කළේය. මවගේ දැනහැඳුනුම්කම හේතුවෙන් අප්සරාත් පසිඳුත් නිතර නිතර හමුවී කතා බස් කළ අතර පසුකාලයේදී ඔවුන් අතර ප්‍රේම සබඳතාවක්ද ඇතිව තිබිණ. ඒ මීට වසර තුනකට පෙරය.

කල්යෑමේදී මවුපියන්ද ඔවුන්ගේ මේ පෙම් පලහිලව්ව දැනගත් අතර, ඔවුන්ගෙන් මේ යුවළට කිසිදු විරෝධතාවක් එල්ල වූයේ නැත.

අප්සරා ඉගෙනීමට දක්ෂ තරුණියක් වූ අතර, ඇය සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව අපොස උසස් පෙළ විභාගයටද මුහුණ දුන්නාය.

එහෙත් ඇයට එම ප්‍රතිඵලය කැම්පස් යෑමට කිසියම් බාධාවක් ගෙන දුනි. ඒ නිසා නැවත උසස් පෙළ විභාගයට මුහුණ දී ‘ඒ’ ප්‍රතිඵල තුනක් වත් ලබාගෙන විශ්වවිද්‍යාලයට යන්නට ඇගේ සිතේ නොමඳ ආශාවක් තිබිණි. මේ නිසා පසුගියදා ඇරැඹි අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ඇය තීරණය කළාය.

අප්සරා වැඩිදුර අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට යෑමට උත්සාහ කිරීම ගැන පසිඳුගේ සිතේ එතරම් පැහැදීමක් නොවීය.

පසිඳු සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින් සමත් වී නොතිබීම නිසා ඔහුට උසස් පෙළ අධ්‍යාපනයක් ලබන්නට වරම් නොතිබිණි. ඒ නිසා සිය පෙම්වතිය ඉහළ අධ්‍යාපනයක් ලබා විශ්වවිද්‍යාලයට තේරී පත්වුවහොත් කවදා හෝ ඔහුට ඇය අහිමි වෙතැයි ඔහු සිතන්නට ඇත. ඒ නිසා ඔහු නිතරම ඇයට කීවේ උසස් පෙළ විභාගයට නොයන ලෙසය.

එහෙත් අප්සරා පෙම්වතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය. ඇය තුළ වූයේ වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාලයට යෑමේ සිහිනය පමණය.

ඒ නිසා ඇය පෙම්වතාගේ වචන එතරම් සැලකිල්ලට නොගත්තාය. තමාගේ ඉල්ලීම ගණනකට නොගැනීම ගැන පසිඳුගේ සිතේ අප්සරා ගැන ඇති වූයේ කෝපයකි. අවසානයේ පසිඳු ඇයට තර්ජන කරන්නට පටන් ගත්තේය. උසස් පෙළ විභාගය ලියන්නට ඉඩ නොදෙන බව ඔහු ඇයට කීවේය. ටිකෙන් ටික දුරකථනය ඔස්සේද ඇයට තර්ජන ගර්ජන ගලා ඒමත් සමඟ ඇය සිය සිම්පත දුරකථනයෙන් ගලවා දැම්මාය.

අප්සරාට සිම් කාඩ්පතක් ලබාදී තිබුණේද පසිඳුය. ඒ දෙදෙනා අතර පැවැති ආදරය නිසාය. නිතර නිතර දුරකථනයෙන් ඇයට කතා කිරීමට පුරුදුව සිටි පසිඳුට ඇගේ දුරකථනයට මවුපියන් ඇතුළු වෙනත් හිතවතුන් කතා කිරීම ගැනද ඔහුගේ කැමැත්තක් නොවීය.

පසිඳුගේ තර්ජනාත්මක ප්‍රකාශ ගැන කලකිරුණු අප්සරා මේ බව සිය මවුපියන්ටද පවසා තිබිණි. ඇය පසිඳුට කීවේ දෙදෙනා අතර ඇති ප්‍රේම සබඳතාව නතර කරමු කියාය. එසේ කියමින් ඔහු ඇයට දී තිබූ සිම්පතද ඇය පෙරළා ඔහුට දුන්නාය.

එතැන් පටන් අප්සරා සමඟ කතා බස් කරන්නට පසිඳුට ඉඩක් නොවීය. මෙයින් ඔහු තදින් කෝපයට පත්විය.

එහෙත් අප්සරා පසිඳුගේ තර්ජන එතරම් ගණන් ගත්තේ නැත. ඇයට අවශ්‍ය වූයේ හිත නිදහස්ව තබාගෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීමටය. ඒ සඳහා ඇය රෑ බෝවන තුරු පාඩම් කළාය. පසිඳුගේ තර්ජන දුරකථනය හරහා එල්ල නොවීම නිසා ඇයට රිසිසේ පොත්පත්වල කටයුතු කිරීමට ඉඩ ලැබුණාය.

අපොස උසස් පෙළ විභාගයට දිනද ළංවෙමින් තිබිණි. මේ බව දත් පසිඳු පෙම්වතියගේ මවගේ දුරකථනයට තර්ජනාත්මක කෙටි පණිවුඩයක්ද යැවීය. එහි සඳහන් වූයේ අප්සරා විභාගයට නොයා යුතු බවත් එසේ ගියහොත් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන බවත්ය.

පසිඳුට සිය පෙම්වතිය සමඟ දුරකථනයෙන් කතා බහ කිරීමට නොහැකිවීම මේ සේරටම මුලය. මේ නිසා ඔහු අප්සරා සමඟ සිටියේ කෝපයෙනි.

ඉකුත් 23 වැනිදා අපොස උසස් පෙළ විභාගය ඇරැඹිණි. අප්සරා ඊට සූදානම්ව විභාග මධ්‍යස්ථානයට යන්නට පිටත් වූවාය. අප්සරා විභාගය ලියන්නට යන බව දත් පසිඳුද තම සිතේ වූ වෛරය පිරිමහගන්නට සූදානම්ව සිටියේය.

උඩුමාගම සිට ධාවනය වන ගමේ බසයෙන් ඇය විභාගයට යන බව දත් පසිඳු බසය එනතුරු මඟ රැක සිටියේය. මොහොතකට පසු එම බසය ඔහු පසුකරගෙන ගියද එහි අප්සරා සිටින බවක් දක්නට නොවීය. මෙය පසිඳුගේ සිතට කිසියම් සැකයක් ගෙනදුන්නේය.

අප්සරා විභාගයට යන්නේ නැතිව වත්ද? ඔහුට එසේ සිතී ගතවූයේ විනාඩි ගණනකි. අප්සරා සිය පියා සමඟ ත්‍රීවීලරයකින් ඔහු පසු කර යන්නට වුවාය. පසිඳු එය හොඳින් දුටුවේය.

‘වරෙන් යන්න’ කියමින් සිය මිතුරාවද යතුරුපැදියට නංවාගත් පසිඳු හැකි වේගයෙන් යතුරුපැදිය අප්සරා ගමන්ගත් ත්‍රීවීලරය පසුපස ධාවනය කරන්නට විය.

පරගම්මන වටවංගුව ප්‍රදේශයේදී ත්‍රීවීලරය හරස් කර සිය යතුරුපැදිය නතර කළ පසිඳු බෝතලයක්ද අතැතිව ත්‍රීවීලරය අසලට ගියේය. ත්‍රීවීලරය ඉදිරියට යෑමට නොදී බයිසිකලය නතර කිරීම ගැන අප්සරාගේ පියාට පසිඳු සමඟ ඇති වූ කෝපය නිම්හිම් නැති විය. ඒ සමඟ දෙදෙනා අතර ඇති වූයේ බහින්බස් වීමකි.

ඒ සැණින් අප්සරා දෙස තියුණු බැල්මක් හෙළුෑ පසිඳු එකවරම පැන ත්‍රීවීලරයේ පිටුපස අසුනේ සිටි අප්සරාගේ බෙල්ලෙන් අල්ලා අත තිබූ බෝතලය ඇගේ මුවට ඔබන්නට උත්සාහ කළේය. එය දුටු අප්සරාගේ පියා පසිඳුගේ අතේ එල්ලීම නිසා පසිඳුට සිය කාර්යය කරගන්නට නොහැකි විය. මේ බව දුටු පසිඳුගේ මිතුරාද පසිඳු සිටි තැනට පැමිණීමත් සමඟ ඇසිඩ් ගඳක් වහනය විය. ඒ සමඟ බියට පත් මිතුරා පසිඳුද දමා පලා යන්නට විය.

පසිඳුගේත් පියාගේත් දබරය ඔස්සේ බෝතලයේ තිබූ ඇසිඩ් වැටීම නිසා තිදෙනාගේම සිරුරුවල පිලිස්සුම් තුවාල ඇතිවිය. ඒ සමඟම ඇසිඩ් බෝතලයද බිම වැටුණු අතර පසිඳු වහා පැමිණි යතුරුපැදිය වෙත දිව ගියේ එතැනින් පලා යන්නටය. ඒ බව දත් අප්සරාගේ පියා වැටී තිබූ ඇසිඩ් බෝතලය ගෙන එය පසිඳු වෙත එල්ල කළද එය බයිසිකලයේ මුහුණතට වැදී බිම වැටී කුඩු පට්ටම් විය. අප්සරාගේ පියා වහා සිය දියණිය සමඟ ත්‍රිරෝද රියෙන්ම කෑගලු රෝහලට පැමිණි අතර යතුරුපැදියෙන් පලාගිය පසිඳු කෙළින්ම රෝහල ආසන්නයේම පිහිටි සිය නිවෙසට ගොස් ඒ සිදුවීම ඔහුගේ සොහොයුරාට පැවැසීය.

සොහොයුරා ඔහු වහා කෑගල්ල රෝහලට ඇතුළත් කළේය. ඇසිඩ් ප්‍රහාරයෙන් වැඩිපුරම තුවාල සිදුව තිබුණේ ඔහුටය. ඒ ඇසිඩ් ඔහුගේ සිරුර පුරා හැලුණු නිසාය.

ඒ වනවිට අප්සරා කෑගල්ල රෝහලේ 2 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබූ අතර ඇගේ පෙම්වතාත් පියාත් එම රෝහලේම 5 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නට වූහ.

අප්සරාගේ නාසයේ එක පැත්තක ඇසිඩ් බිඳුවක් වැටී කුඩා පිලිස්සීමක් සිදුවී තිබූ අතර මුවේ දකුණු පැත්තේ අඟල් භාගයක පමණ පිලිස්සීම් ලකුණක් දක්නට තිබිණි. අප්සරාගේ පියාගේ වැළමිට පහළින් සහ හත් අට පොළක් රත්පැහැ ගැන්වී තිබිණි. පසිඳුගේ බෙල්ල, බඩ හා අත්දෙක වැළමිට ආදිය කළුපැහැ ගැන්වී තිබිණි.

සිද්ධිය කෑගල්ල රෝහලින් කෑගලු පොලිසිය වෙත දැනුම්දුන් අතර මොහොතක් යන්නට පෙර සිදුවීම කෑගල්ල පුරා පැතිර යන්නට විය.

“ඒ ලෙවල් ලියන්න ගිය ගැහැනු ළමයකුට ඇසිඩ් ගහලා”

කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මහගෙදර ගමගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූහ. නිලධාරීහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන තිදෙනාගෙන්ම ප්‍රකාශ ලබාගත්හ.

එහිදී අප්සරාත්, ඇගේ පියාත් පවසා ඇත්තේ පසිඳු විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවය. එහෙත් පසිඳු ඔවුන්ගේ කතාව ප්‍රතික්ෂේප කරන්නට විය. ඔහු පවසන්නේ පෙම්වතියගේ පියා තමාට ඇසිඩ් ගැසූ බවකි.

පසුව සිද්ධිය වූ ස්ථානයද නිරීක්ෂණය කළ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ සොකෝ නිලධාරීහු බිඳී තිබූ ඇසිඩ් බෝතලයේ කැබැලිද සිය භාරයට ගත්හ.

සිදුවීම කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දීමෙන් පසු ඔහුගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුවිය. කෙසේ වෙතත් සිද්ධිය දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් පසු සිද්ධියට සැකපිට පසිඳු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මතය. පසිඳු එලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට නොව ඔහුට එල්ල වී ඇත්තේ ඇසිඩ් ගසන බවට තර්ජනය කිරීම, සාපරාධී බිය ගැන්වීම සහ පෙර හැසිරීම නිසා බව පොලිසිය කීය.

“අපිට තවම කියන්න බැහැ කවුද ඇසිඩ් ගැහැව්වේ කියලා. තුවාලකාරියත් ඇගේ පියාත් කියන්නේ සැකකරු ඇසිඩ් ගැහැව්වා කියලා. සැකකරු කියන්නේ පෙම්වතියගේ පියා එයාට ඇසිඩ් ගැහැව්වා කියලා. ඇත්තටම ඒ බෝතලේ තිබුණේ ඇසිඩ්ද කියලා බලන්න බෝතල් කටු ටික රස පරීක්ෂකවරයා වෙත යොමු කරලා තියෙන්නේ. ඒ නිසා තවම අපිට කියන්න බැහැ ස්ථීර වශයෙන්ම කවුද ඇසිඩ් ගැහැව්වේ කියලා. තවමත් ඒක විමර්ශන මට්ටමක තියෙන්නේ.”

විමර්ශනය සිදුකළ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලිසිය පවසන්නේ ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලත් 21 හැවිරිදි තරුණියත් ඔහුගේ පියාත් මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවකි. ඇගේ පියා පොලිස් ආරක්ෂාව මැද ඔහුගේ නිවෙසට යවා තිබීමද විශේෂත්වයකි.

ප්‍රේමය සුන්දරය එමෙන්ම බියකරුය. ඒ සිත යට ඇවිළෙන වෛරයක ගිනිදැල් නිසාය. පසිඳුටත් වූයේ එවැන්නක්ය. කෙසේ වුවද පෙර කර තිබූ පිනකට පෙම්වතියට හානියක් නොවීය. එහෙත් ඔහුට සිරගෙදර කූරු ගනින්නට සිදුවිය. ඒ ඔහු ඇත්තෙන්ම ඇයට පෙම් කළ නිසාමද යන්න දන්නේ ඔහුම පමණක් නිසාය.

කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, කෑගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මහත්වරුන්ගේ උපදෙස් මත කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදර ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත බණ්ඩාර ප්‍රමුඛ කාන්තා පොලිස් පරීක්ෂිකා දීපා හේමමාලි, උප පොලිස් පරීක්ෂක බුද්ධික, උප පොලිස් පරීක්ෂක අනුර කුමාර, සැරයන් සම්පත් (64324) යන නිලධාරීහු මේ පිළිබඳ පැවැති විමර්ශනයට එක්ව සිටියහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය. මෙහි සඳහන් අප්සරා සහ පසිඳු මන–කල්පිත නම් ගම්ය.

කීර්ති මෙන්ඩිස්
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top