නිළියක් නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශිරෝෂි රොමේෂිකා පසුගිය දිනෙවල රෝහල්ගතව සිටියේ හදිසියේ ඇය බෝට්ටු අනතුරකට ලක්වූ නිසයි.
අනතුරුව සුවය ලැබූ ඇය නැවත වතාවක් නිර්මාණ අතරටත් පැමිණ සිටියා.
මීට මොහොතකට පෙර ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට ආදරණීය සටහනක් සමඟ ඡායාරූප පෙළක් එක් කර තිබුණා.
මේ තියෙන්නෙ ඒ සටහන...
"මාව අනතුරකට පත්වුනු වෙලාවේ මං වෙනුවෙන් කැළණි පන්සලට භාරයකුත් වෙලා රට ඉඳන් ආපු දවසට පහුවෙනිදම මාවත් එක්කගෙනම ගියා ඒ භාරේ ඔප්පු කරන්න. ඔයානම් මධූ මම ලබපු යාලුවෙක්ට වඩා මගේ සහෝදරියක්.. ආදරෙයි ගොඩාක්.."