"ඉඟිමරන තරු රෑන" කියන එකම එක ගීතයෙන් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත කේ. සුජීවා මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක්.
"මම ප්‍රසිද්ධ කෙනෙක්" කියන සිදුවීමත් එක්ක ආයෙම වතාවක් ඇය ගැන ලොකු කතාබහක් සමාජයේ ඇතිවුණා.
ඒ එක්කම සුජීවා සහ දරුවන් දෙදෙනා මේ ගැන පැහැදිළි කිරීමක් කරන්න වීඩියෝවකින් ඇවිත් තිබුණා.
ඒ වෙලාවේ මේ පවුල වෙනුවෙන් තවත් සාමාජීකයෙක් කතා කළා.
ඇත්තටම ඔහු කවුද ?
ඒ ගැන අහන්න රංගන ශිල්පී සුදත්ත තිලකසිරි පසුගිය දවසක කේ. සුජීවාව හමුවෙන්න ගිහින් තිබුණා.
මේ තියෙන්නෙ ඒ වෙලාවේ සුජීවා කියපු කතාව...
"මේ ඉන්නෙ ඉන්න එකම පුතා.. මම පුතෙකුට කැමතිම නෑ. මට ඕනි වුණේ ගෑනූ දරුවෝ. කොහොම හරි පුතෙක් හිටියනම් මේ වගේ තමයි ඉන්න ඕනි කියලා අයිඩියා එකක් තිබ්බ නම්, ඒ අයිඩියා එකට ගැළපෙන පුතෙක් තමයි මේ.. මම වාසනාවන්ත වුණා ඒ පුතාව මඟින් හරි මගේ ගාවට ගෙන්නගන්න.. අංජලී තමයි ගෙදරට එක්කන් ආවේ..."
අලුත්ම සාමාජීකයාගේ ආගමනය ගැන අංජලීත් අදහස් දැක්වුවා.
"ඉස්සල්ලාම අපි හම්බුණේ ඉන්ස්ටග්රෑම් හරහා.. රථගාය නිසාම තමයි සෙට් වුණේ. ඊටපස්සෙ ආශ්‍රය කරන්න ගත්තා. හරි අමුතු දේවල් දැකගන්න ලැබුණා එයාගේ ජීවිතේ. පස්සෙ ඒ ගැන අපි කතාබහ කළා.. අම්මා අපි.. කිසිම කෙනෙක් එක්ක ආශ්‍රය කරන්න බැරුව හිරවෙලා එයා හිටියේ. මෙයා මට කෝල් කරලා මාව ලයින් එකේ තියාගත්තා. කෝල් එකේ මම ඉන්නවා. මට ඉතින් ගොඩක් දේ ඇහෙනවා.."
අලුත් සාමාජිකයා කිව්වෙ මෙහෙම කතාවක්.
"මගේ ජීවිත කතාව කෙටියෙන් කිව්වොත්... මම කාටවත් වැරදි කියන් නෑ. මම ජීවිතේ ගොඩ දාගත්තෙත් මෙයාලා එක්ක... ප්‍රශ්නයක් ඇතිවෙනවා පවුල් අතර.. එතැනදී මම කාත් එක්කවත් තරහා නෑ.. එයාලා මට ඉගැන්නුවා. මම ඒවා නොකළා කියන් නෑ. මම ඒවාට අදටත් ගරු කරනවා. අම්මා එක්ක අලුත් දේවල් ඉගෙන ගත්තා. මාව පාරේ බස්සලා යනවා නොහිතපු විදිහට. මම පැයක් කල්පනා කර කර හිටියා පාරේ.. අපි සතෙක්ටවත් එහෙම කරන් නෑනේ. ඉතින් අර එහෙම බැස්සුවට පස්සෙත් නිකන් හිටියේ නෑ. වටේටම කෝල් කරලා මම ගෙදරින් ගියා කියලා.. මම පාරේ වාහනෙකට පැන්නා. මොකද මුකුත්ම නෑනේ. අදට හරි.. මෙයාලා ඉන්න තැනට ආවා... මෙයාලා හැමෝම මගේ අත අල්ලන් හිටියා."
කේ. සුජීවා කියන්නෙ මේ අලුත් සාමාජීකයා තමන්ට පුතෙක් වගේ කියලයි.
"මම තනි ගෑනියක්.. මගේ ගෙදරට යාලුවෙක් වත් එන්නෙ නෑ. යනවා නම් ගමනක් වුණත් මෙයාලා එක්ක විතරයි.. කොල්ලෙක්ව ගෙනල්ලා තියාගන්නවද ? ඒක රිස්ක් එකක්නේ. මෙයාව ස්ටඩී කරන්න එපැයි. මෙච්චර ගමනක් ආව මනුස්සයෙක්, කොහෙවත් ඉන්න කොල්ලෙක් ගෙදරට ගෙනත් දාගන් නෑනේ. මට මෙයා දරුවෙක් වගේ. මගේ දරුවෝ දෙන්නට උදව්වක් වෙන්න පුළුවන් කියන එක. උපතින් ගෙනාපු හොඳ ගතිගුණ තියෙනවා එයා ළඟ. මට පුතෙක් කියලා එක්ස්පීරියන්ස් එකක් නෑ. මම පළවැනි වතාවට පිරිමි ළමයින්ගේ ඇඳුම් ගත්තෙ... සසරේ අපිත් එක්කම ඉන්න ඇති. මට හිතෙන්නෙ එහෙමයි..."