ජීවිතේ සෘතු අපි හිතන් නැති විදිහට වෙනස් වෙනවා... අපි හිතනවා හිනාවෙන්න, හීන දකින්න, ආදරේ කරන්න, ආදරෙයි කියන්න හෙට කියල දවසක් ඒවී කියලා. ඒත් අපේ මේ ජීවිතේ හරි අවිනිශ්චිතයි.
අපිට කොයි වෙලාවේ යන්න වෙයිද කියලා අපි දන්නේ නෑ.. ඇය හෂි බණ්ඩාර... ඇය අවසන් හුස්ම පොද මේ මිහි තලයට මුදා හරින්නේ ඈට අපි සමුදෙන්න සූදානම් නැති මොහොතක... ඇහැටවත් පේන්නෙ නැති පුංචිම පුංචි විෂ බීජයකට පුළුවන් වුනා එයාව මෙච්චර ඉක්මනින් හැමෝගෙන්ම ඈතට අරන් යන්න... අපි ප්රාර්ථනා කරමු, ලබන මතු භවයක ඇයට මෙවන් අකල් මරණයක් නොවෙන්න.... පහළින් තියෙන්නෙ ඒ කෙල්ලගේ ජීවිතේම වුණු කොල්ලා ලියපු ඇහැට කඳුළක් උනන සටහන..මං යාළු වෙලා හිටපු කෙල්ල..! එකි මහ අමුතු එකියක් .! මා එක්ක හිටපු කෙල්ලො ඔක්කොම රතුපාට,රෝසපාට,කහපාට මල් වලට කැමති වෙද්දි ඒකි හෙව්වෙම සුදුපාට මල්.. නැත්නම් කැලෑ මල්.! මං ඉතින් ඒවට හිනා උනා..! ඒකි ඒ කැමත්ත හංග ගත්තා.. මං ආශ්රය කරපු හැම කෙල්ලම මිල අධික විලවුන් හොයද්දි ඒකි හෙව්වෙම බේබි ක්ලෝන්...! අනික් කෙල්ලො බර කෑම බීම හෙව්වෙ, ඒකි හෙව්වෙ කඩචෝරු..! අනික් කෙල්ලො එක්ක මම මිල අධික හෝටල්වල කෑම එක්ක දවස් ගෙව්වෙ..! ඒත් ඒකි හෙව්වෙ ගහක් යට සිංදු අහන දවස්.. හිනා උනා ඇරෙන්න මට බැරි උනා කැමති සින්දු මොනවද අහන්න..! එකිට ඕන උනා මා එක්ක මුහුදු වෙරළක ඉර දිහා බලන් ඉන්න දවස්..! හිනා උනා ඇරෙන්න මට බැරි උනා ඒකි එක්ක ඒ වෙනස විදින්න..! අනික් කෙල්ලන්ට හැඟීම් වල අන්තෙට යන්න ඕන උනාම ඒ කිට ඕන උනේ මගෙ පපුවට බර වෙන්න.. උර හිසට වෙලා ඇස් පියාගෙන ආදරෙ මුමුණන්න.. මං හිනා වෙන්න හිනා වෙන්න ඒකි ඇස් ලොකු කරන් බලන් උන්නා..... අන්තිමට ඒකි දවසක යන්න ගියා.. යන්නම ගියා.. ඉතින් දැන් මං.. ගස් යටට වෙලා සින්දු අහනවා.. ඒකි ආසම කඩචෝරු කනවා.. ඒකි ආසම දේවල් එකක් නෑර කරනවා.. සුදු මල් අරගෙන ඒ කි බලන්න යනවා.. ඒත් ඒකි ඒවා දැක්කෙ නෑ..! මං දැන් හිනා වෙන්නෙ නෑ..! ඒකි මාව කොයිතරම් බලාගත්තද , මට පාර පෙන්නුවද කියලා මම දැනගත්තෙ ඒ කි නැතුව ජීවත් වෙන්න පටන් ගත්ත දවසෙ ඉඳන්..! මටත් නොදැනි හැමෝටම වඩා ආදරෙ දුන්න ඒකි මහ පුදුම එකියක්..! නිවන් සුව ලැබේවා ඉන්න තැනක සතුටින් ඉන්න !!!
VIDEO