ජීවිතේ සමහර දවස් කෙටියි... දිග දවස් නැතුවාම නෙවෙයි.
කොයි ම මොහොතක හරි ජීවිතේ අතෑරෙන දවසුත් එනවා.
ඉපදීමම දුකක්.. අපි මේ ගමන කොයි විදිහට
කා එක්ක මොන දුරක් යන්න හිතුවත්,
උඩ ඉන්න කෙනාගේ තීන්දු තීරණ අනුව අපිට
නවතින්න වෙනවා..
අමාරුවෙන් හරි සමීපයෙන් උන්න අයව
දාලා යන්න වෙනවා...
හීන ගොඩක් දැකපු තරුණ ජීවිතයක්..ඇය හශී...
නමුත් අද ඇය නිහඬ වෙලා.
විශබීජයක් නිසා ඇගේ ජීවිතේ අකාලයේ මිලින වුණාලූ.
බුකියම කම්පා කළ ඇගේ මරණය ගැන සංවේදී සටහන් බොහෝමයක් අපිට හමුවුණා.
අපිත් ඇයට නිවන් සුව පතමු...
සුබ ගමන් බණ්ඩා....සියලු නැවතුම් හිනාවෙන් නිම කළ,යාලුකමට කිසි සීමාවක් නොමකළ,හිත පුරා ආදරේ, සෙනේ වැඩි කළ,තාමත් දරන්න අමාරු ඇත්තක් නුඹ ගැන ...ආ ගමන බොහෝ කෙටියි ...අපේ ඇති මතක නම් එමටයි ...මට කියන්න තියෙන්නේ මෙච්චරයි ...මතක රස්නෙයි - බණ්ඩා හරි සුන්දරයි ....අපි එක පන්තියක නෙමෙයි...ඒත්, කිසි වෙනසක් තිබුන් නෑ .... පුලුවන් හැම වෙලාවකම එකටමයි, ඉන්න බැලුවේ...මොන මරාලයක් ආවත්, ඒකට සෑහෙන හයියට හිටියා ඔයා ....නිතර නිතර කතා නොකළට, හම්බ වුණේ නැති වුණාට, ඔයා ගියා කියලා අහපු වෙලාවේ ඉඳලා තාමත් , අපි මෙහෙමයි.... හිටපු තැන්වලම, කිසි දෙයක් කියා ගන්න බැරුව...බණ්ඩා කියලා කෑ ගහලා කියද්දිත් , පුදුම විසේකින් දුවගෙන එනවා.... අපි හැමෝම මැරෙනවා තමයි... ඒත් අද, මේ සිද්ධිය හුඟක් අමාරු දෙයක්, දරාගන්න....මීඩියා පීරියඩ් එකේ, කොළ අස්සේ බලි කුරුටු ඇන්දා....මමයි, සචිනියි උඹට සෑහෙන විහිලු කරා... උඹත් ඒවට හිනාවෙලා,පුරුදු විදියටම අපි එක්ක හිටියා...සරලව ජීවත් වෙච්ච, තේරුම් අරන් ජීවිතේට මූණ දුන්නා ඔයා....හැමෝටම ප්රශ්න තියෙනව , ඕවා මොනාද කියලා ඇහුවා ඔයා...A/ls කාලේ, මාත් එක්ක ආවේ බිත්තර රොටියි, පරාටයි හොදි එක්ක කන්න... කාලා ඉවර වෙලා ප්ලේන්ටියක් බීලා තමා , ක්ලාස් එකට එන්නේ...මගේ තාත්තා නැති වුණාම, ඔයා ආවා.. මගේ ළඟ හිටියා , මාව සැනසුවා...ඒ අමාරු කාලෙන් පස්සෙත් මං ගැන හොයල බැලුවා...යාලුකම්වලට කාලයක් අදාළ නෑ ....අපිට ලොකු කාලයක් තිබුන් නෑ .. ඒත්, අපි සෑහෙන ළඟින් හිටියා...ඔයාව මේ විදියට බලන්න පුලුවන්කමක් අපිට නෑ .. හුඟක් අමාරුයි ඒ දේ....මේ කරට අත දාගෙන ඉන්න ෆොටෝ එකට උඹ හරි ආසයි...මේවා මෙහෙම වෙලාවක දාන්න වෙයි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වුණේ නෑ ...අපි හැමෝම දවසක මැරෙනවා.. ලෝකෙ හැටි එහෙමයි...ඒත් බණ්ඩා , මේ තමයි ඔයාගෙ වෙලාව...හිනාවෙලාම, නිහඬ වුණා ...සුබ ගමන්, බණ්ඩා...Kameesha Kumarasinghe