උමාලි තිලකරත්න කියන්නෙ පුංචි තිරයේ නිතරම දකින්න පේන්න නැති නමුත් කාගෙත් ආදරය දිනාගත්ත සුන්දර රුවැත්තියක්.
ඇය මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් නෙවෙයි.
මේ කතාව උමාලි ගැන කෙනෙක් පළකරලා තිබ්බ ආදරණීය සටහනක්..
මායි මගේ හිතයි පොඩි කතා බහක් කලා අද ඒ ගෙවුන දවස් තුන්සිය හැට පහේ මං ගත කරපු සුන්දරම තත්පරය මතක් කරන්න.
නිරායාසයෙන්ම මට මතක් උනේ මේ දෙබස
මම -
අක්කේ අර බලන්නකෝ අර මනුස්සයා මේ පට්ට දවාලේ ජර්සි එකක් දාගෙන යනවනේ.මොන මෝඩයෙක්ද මංදා
අක්කා-
සමහර විට ඒ මනුස්සයට ඒ ජර්සි එක පහසු ඇති මල්ලි අව්වෙන් බේරෙන්න. අපි පිටින් බලලා තීන්දු නොකර ඉමු..
පට්ට මද්දහනේ කිරුලපන පාර මැද මං දිහා නොබලා පාර දිහා බලන් ඒ කිව්ව විදියට එක පාරට මහා අපරාධයක් කරපු කෙනෙක් වගේ මගේ හිත ලැජ්ජාවෙන් පිරුනා. ඒත් එක්කම මගේ එහාපැත්තේ හිටිය ලෙංගතු චරිතය ගැන පුදුම ආදරයක් ඇති උනා
මේ පහුගිය අවුරුද්දේ මට දැනුනම වචන සහ මුලු අවුරුද්ද පුරාවටම මම ගෙව්ව අරුමු පුදුම පැය කිහිපය..
මේ වගේ තවත් මතක ගොඩක් තවත් ආදරනීය මිනිස්සු ගොඩක් මාත් එක්ක එකතු උනා. ඒ අයට ආයුබෝවන් මං ආදරෙයි. අපි තව දුර ගමන් යමු. උමාලි අක්කට ගොඩක් ආදරෙයි.
ඒ මතක වලට ආයුබෝවන්.
ප.ලි.- මේ පිංතූරෙ ගත්තෙ ගත්තේ මගේ ඉල්ලීමක් විදියට.
Irudini Umali Thilakarathna