කොලිවුඩ්හි ජනප්‍රිය නිළි හංසිකා මොට්වානිව ඔබ හඳුනන බව විශ්වාසයි
නිළි හංසිකා ව්‍යාපාරික සොහේල් කතුරියා සමඟ විවාහ වූයේ පසුගිය දෙසැම්බරයේ.
විවාහයෙන් පසුව ඇය පවසා තිබුණේ තමා නොනැවතී චිත්‍රපටවල රඟපාන බවයි.
එමෙන්ම තමා සතුව චිත්‍රපට හතක් පමණ ඇති බව පවසා තිබූ හංසිකා විවාහයෙන් පසුවත් විවේකයකින් තොරව රංගනයේ යෙදෙන බව පවසනවා.
මේ කතාව ඇය කරනු ලබන සමාජ සත්කාරයක් පිළිබඳවයි.
මම සිනමාවේ ප්‍රමුඛ පෙළේ වීරවරියක් වූ දා සිට දරුවන් 21ක් හදා වඩාගෙන ඇති දැඩි කළා. ඔවුන්ව ඇති දැඩි කරන මවක් වීම සතුටක් බව ඇය පවසනවා.
හංසිකා පවසන්නේ තෛපොංගල් උත්සවයට තමන් ඔවුන්ට අලුත් ඇඳුමක් ලබාදුන් බවත්, චිත්‍රපටවල රඟපානවාට වඩා මේ ආකාරයට අන් අයට උපකාර කිරීම සතුටට කරුණක් වන බවත්ය.
මම මේ වගේ ළමයි හදාගන්න මූලිකම හේතුව මගේ අම්මා.
මම මින් ලබන සතුට ගැන කියන්න වචන නෑ යනුවෙන් හංසිකා සංවේදී සටහනක් ද පලකරලා තියෙනවා.
