"මෙලොව එලිය දුටුදා මගේ දුව නැත මා ඇය අසල,
මම ක්‍රීඩා කරයි ඇය ගැන සිත සිතම,
විමසයි ඇය මෙලොව එලිය දුටුවේද යන්න,
තවමත් නැත ඇය මෙලොව එලිය දැක පවසයි සහෝදර ක්‍රීඩකයකු මා හට...."
තාත්තා සහ දූ අතර ඇති අසීමිත ප්‍රේමයට නිර්වචන නැති තරම්.
මෙරට හිටපු සුපිරි ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සිය දූ ගැන ආදරණීය සටහනක් තබා තිබුණා. ඔහු ඇතුළෙ ආදරණීය පියෙක් වගේම සොඳුරු කලාකරුවෙක් ද වෙසෙන බව මේ පැදි පෙළ කියවන ඔබටත් නිරායාසයෙන්ම වැටහේවි.
දූගේ ජීවිතේ සුවිශේෂීම මොහොතක් ගැනයි ඔහු මෙලෙස අකුරු කර තිබුණේ.
"සියළුම ආදරණිය පියවරුන්ට උපහාරයක් වේවා
ආදරණිය ඩිහාශි,
දෝණි,
මෙලොව එලිය දුටුදා මගේ දුව නැත මා ඇය අසල,
මම ක්‍රීඩා කරයි ඇය ගැන සිත සිතම,
විමසයි ඇය මෙලොව එලිය දුටුවේද යන්න,
තවමත් නැත ඇය මෙලොව එලිය දැක පවසයි සහෝදර ක්‍රීඩකයකු මා හට.
පන්දුව අතට ගෙන පිතිකරු හට යොමු කරනවිට ,
ඇහුනා මහා හඩින් පිටිය පුරා මගේ දුව ඉපදුන පුවත,
ඕනි මට දුවගොස් ඇය ඉබ ගන්න,
එනමුත් මා දැන් සිටින්නේ ක්‍රීඩා කරමින්ය.
දැනුනේ මා හට මා ලෝකයම දිනු බව,
ඕනි වුනේ ඇය විගසින් දැක ගන්න,
එන්නට හැකි වුණා ලහියේ ආබාධයට පිං සිදු වන්න,
දුටුවිට ඇයව දෝතින් රැගෙන දුන්නේ පිය උණුසුමය.
දැන්නම් ඇය නිතරම තාත්තාගේ පස්සෙන්ය,
කොහේ ක්‍රීඩා කලත් අම්මා සමග ඇය එයි එය බලන්නට,
හැමගේ ආදරය අස්සේ ඇය හැදුනේ සුරතල් වෙමින,
දැන්නම් හැමෝගෙම ඇය බඩ පිස්සීය.
කාලය ගෙවී ගොසින් ඇය අද මල්වරව වී ඇතිය,
ඇය නොදැක සිටින්නටනම් මට දැන් බැරිය,
දින දෙක තුනක් දැනුනේ කල්පයක් ලෙසය,
දැනුනේ මට මගේ මුළු ජීවිතය ඇය බවය.
ඔනී දැන්නම් ඇය දැක ගන්න,
කිකා කියන්නේ එය හොද නැති බවය,
හිතුනේ කුල සිරිත් පසෙක දමා ගොස් ඇය සිප ගන්න,
යකා වැසුනේ දුව දැක ගන්න බැරි බව මට පවසන විටය.
සිටියේ දින ගැන ගැනා ඇය දැක ගන්න,
එලබුනා ඒ දින කුල සිරිත් ලෙස,
දනනමා ඈ මට වදින විට,
නොදැනීම කදුළු බිදුවක් වැටුනේ ඇගේ නළල මත,
දැනෙනා විට ඇය දවසක අප හැර යන බවට,
සිතෙන්නේම ඇය මා ලගටම කර අත් නොහරින්නට,
මතක් කරමින් ඇයගේ හුරතල් සොදුරු අතීතය,
එය මතක් වන විට කදුළු කඩා වැටුනේ මට නොදැනීම.
( මාගේ දුව ගැන මට දැනුන දේ ඔබ හා සමග මා මෙලෙස බෙදා ගනිමි - ධම්මික ප්‍රසාද්)
ආදරෙයි ඔබ සියළුම දෙනාට "
