මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සහ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (24) රාත්‍රී 11.30 තෙක් වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම විශේෂ නිවේදනය ට අනුව පෙන්වා දෙන්නේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් එලෙස ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
මෙම ප්‍රදේශ වලට ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වයන්ට අමතරව එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
