Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
17
96 ලෝක ශූරයින් අද ? අතිශයින්ම ක්‍රිකට් ප්‍රේමීන්ට පමණයි

- 96 ලෝක ශූරයින් අද ? අතිශයින්ම ක්‍රිකට් ප්‍රේමීන්ට පමණයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

94 Views

"අතට ගත්ත දේ කටේ දාගන්න බැරි නං ඉතිං වැඩක් නැහැ" කියලා වෙන අයට කිව්වට, අපිටම ඒ වගේ දේවල් කොච්චර නං වෙලා තියෙනවද?, ජාතියක් විදිහටත් අපිට එහෙම බැරි වුණ අවස්ථා 3ක් තියෙනවා. 2007, 2011 ලෝක කුසලානය වගේම 2012 T 20 ලෝක කුසලානය අපිට නැති වුනේ Final Match. ඒ වෙලාවල අපි Team එකට අනං මනං කිව්වෙ තරහකට නෙවෙයි. අහස උසට තියාගෙන හිටපු බලාපොරොත්තු කඩං වැටුන දුකටයි. ආයිත් Match එකක් තියා Ground එකක් දිහාවත් හැරිලා බලන්නේ නැහැ කියලා කිව්වට සතියක් දෙකක් යද්දි අපි ආයිත් Match එක අහන්න බලන්න TV එකක් Radio එකක් ලගට Set වෙන්නේ, 'ආහ් ' ! අද ද Match එක, මට අමතක උනානේ. කව්ද Bat කරන්නෙ, Score එක කීයද?’ කියලා අහගෙනයි. ඒකට එකම හේතුව කවදාවත් හීනෙනවත් ගැලවෙන්න බැරි තරම් බැදීමක් අපියි ක්‍රිකට් අතරයි තියෙන එකයි.

ඒ බැදීම ඇති වෙලා අදට හරියටම අවුරුද 18ක් වෙනවා. මතකද 1996 මාර්තු 17 වෙනිදා. ඇදිරි නීතිය දාලා වගේ පාරවල් පාලූ කරලා අපි කොහේ හරි TV එකක් Radio එකක් ලගට වෙලා විල්ස් ලෝක කුසලාන අවසාන මහා තරගය ඇහුවා බැලූවා. අපේ අයගේ පිත්තෙන් එන එක ලකුණකටත් අපි රතිඤ්ඤා පත්තු කරා. අද ඊයේ වගේ දැනුනත් ඒ අමතක නොවන දවස පහුවෙලා අවුරුද 18ක් වෙනවා. හැබැයි කව්රු නෑ කිව්වත් අපි අදටත් Cricket Match බලන්නේ 1996 ලෝක කුසලානය දිනපු මානසිකත්වයෙන්. ඒකයි Cricket Team එකට පොඞ්ඩක් වැරදුනත්, පැරදුනත් ලොකූ දුකක් අපේ හිතට දැනෙනනේ.

දැන් ආයිත් ලංකාවටම ක්‍රිකට් වසන්තේ. මෙහේ Big Match බංගලාදේශේ T20 ලෝක කුසලානය.

ඒවා මෙවා අස්සේ විල්ස් ලෝක කුසලානය දිනලා අදට අවුරුද 18ක් නිසා අපිට හිතුනා ලෝක ශූර පිලේ සාමාජිකයෝ එදා මොනවද කරේ දැන් මොනවද කරන්නේ කියලා ඔබට කියන්න.

අර්ජුන රණතුංග - කැප්ටන් කූල් කියලා නම පට බැදුනු ඔහු ශ්‍රී ලංකා ලෝක ශූර පිලේ නායකයායි. අවසන් මහා තරගයේ දී ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් නොදැවී ලකුණු 47ක් රැස් කරා. අර්ජුන මේ වෙද්දි තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන ඉන්නවා.

මාවන් අතපත්තු - මේ වෙද්දි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිළේ පිතිකරන පුහුණුකරු විදිහට කටයුතු කරනවා .

අරවින්ද ද සිල්වා - 1996 ක්‍රිකට් පිලේ උප නායකයායි. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යමින් කඩුලූ 3ක් දවා ගැනීමටත් උඩ පන්දු 2ක් රැක ගැනීමටත් නොදැවී ලකුණු 107ක් රැස් කර ගැනීමටත් සමත් වුණා. අවසන් තරගයේ වීරයා වුණ අරවින්ද දැන් තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ඉන්නවා.

උපුල් චන්දන - ක්‍රිකට් Academy එකක් පවත්වං යනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු රැකීමේ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා.

කුමාර ධර්මසේන - ශ්‍රී ලංකා ක්‍රිකට් Team එකේ ’උනන්දුවා’ ලෙසින් නම පට බැදි ධර්මසේන අවසන් මහා තරගයේදී ලකුණු 47කට එක් කඩුල්ලක් දවා ගත්තා. ඔහු දැන් ජාත්‍යාන්තර ක්‍රිකට් තරග විනිසුරුකරුවෙක් විදිහට කටයුතු කරනවා.2013 අවුරුද්දේ ලෝකයේ හොදම ක්‍රිකට් තරග විනිසුරුවරයා විදිහටත් ඔහු සම්මාන දිනුවා.

අසංක ගුරුසිංහ - ’ගුරා’ යන ආදර නමින් හැමෝම කතා කරන ගුරුසිංහ අවසාන මහා තරගයේදී ලකුණු 65ක් රැස් කරා. ඔහු මේ වෙද්දි ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලයි ඉන්නේ.

රොමේෂ් කලූවිතාරණ - ආදරේට 'Little කලූ’ කියලා හදුන්වන රොමේෂ් 1996 දි ශ්‍රී ලංකා ක්‍රිකට Team එකේ කඩුලූ රකින්නා විදිහට කටයුතු කරා. අවසන් මහා තරගයේදී ස්ටම්ප් කිරීමකින් ඕස්ට්‍රේලියානු පිලේ කඩුල්ලක් දවා ගන්න දායක වුනා. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවා වුනු කලූට රැස් කර ගන්න පුලූවන් වුණේ ලකුණු 6ක් විතරයි. කලූවිතාරණ මේ වෙද්දි ශ්‍රී ලංකා A ක්‍රිකට් Team එකේ පුහුණුකරු විදිහට කටයුතු කරනවා.

සනත් ජයසූරිය - 'Master Blaster' නමින් හදුන්වන සනා අවසන් මහා තරගයේදී පන්දු යවමින් එක් කඩුල්ලක් දවා ගත්තා 1996 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වුණත් සනත්ට අවසන් මහා තරගයෙදි ලබා ගන්න පුලූවන් වුණේ ලකුණු 9ක් විතරයි. ඔහු මේ වෙද්දි තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඔහු තමයි දැන් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා.

චමින්ද වාස් - නමට වැඩිම ඉංග්‍රීසි අකුරු ගණනක් ඇති ක්‍රිකට් ක්‍රීඩකයා වෙන වර්ණකුලසූරිය පටබැදිගේ උෂාන්ත ජෝෂප් චමින්ද වාස් ලංකාවේ සුපිරිතම ආරම්භක වේග පන්දු යවන්නායි. අවසන් මහා තරගයේදී එක් කඩුල්ලක් දවා ගත් ඔහු දැන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු විදිහට කටයුතු කරනවා.

රොෂාන් මහානාම - ලංකා ක්‍රිකට් පිලේ සුපිරිතම පන්දු රකින්නා වුණු මහානාම මේ වෙද්දි ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයෙක් විදිහට කටයුතු කරනවා.

මුත්තයියා මුරලිදරන් - ලංකාවෙ සුපිරිතම දග පන්දු යවන්නා වුනු මුරලි 1996 අවසන් තරගයේදී පන්දු යවමින් කඩලූ එකක් දවා ගත්තා. ඔහු දැන් IPL සහ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් සදහා ක්‍රීඩා කරනවා.

රවීන්ද්‍ර පුෂ්පකුමාර - මේ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා.

හෂාන් තිලකරත්න - මේ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක් විදිහට කටයුතු කරනවා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ - මේ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක් විදිහට කටයුතු කරනවා.

අපි ක්‍රිකට් වෙනුවෙන් කොච්චර හුරේ කිව්වත් අපිට මොනවද ලැබෙන්නේ, ඔය ක්‍රීඩකයෝ රට වෙනුවෙන් නෙවෙයි සල්ලි වෙනුවෙන් සෙල්ලම කරන්නේ වගේ කතා අපි අතරම ඉන්න ටික දෙනෙක් කිව්වට, මේ ක්‍රීඩකයෝ ක්‍රිකට් වලට සමුදුන්නත් තාමත් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරන සේවය ඇහුවම අපිට අදත් 1996 වගේම සතුටු වෙන්න පුලූවන් නේද ?


















 









 



 



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top