රුවන්ගි රත්නායක... නිතර නිතර දකින්න නොලැබුණත් ඇයව අමතක නම් වෙන්න බෑ කොහෙත්ම.
මොකද ඒ තරමට ඇය ජනප්‍රිය සහ දක්ෂ චරිතයක් වන නිසාවෙන්.
අපි හැමෝම ඇවිදින්න යන්න ආස තැන් තියෙනවනෙ.
සති අන්ත පුවත්පතකට රුවංගිත් ඇය වැඩියෙන්ම ඇවිදින්න යන්න කැමති තැන මේ විදියට කියලා තිබුණා.
"ලංකාවේ ගොඩක් තැන්වලට මම ගිහිල්ලා තියෙනවා.
ඒ තැන්වලින් මම වැඩිපුරම යන්න කැමැති රුවන්වැලි සෑයට. ඉතින් බෞද්ධයෙක් විධියට රුවැන්වැලි සෑය කියන්නේ ලංකාවේ තිබෙන මුදුන්මල්කඩක් හා සමානයි.
බෞද්ධයෙක් විධියට මම යන්න කැමැතිම ආගමික ස්ථානය තමයි මේ.
ගොඩක් හිත නිවෙන තැනක්. හැම විශේෂ අවස්ථාවකම රුවන්වැලි සෑය වඳින්න යන්න මම කැමැතියි. මගේ පවුලේ අය සමඟ වගේම මිතුරන් සමඟත් රුවන්වැලි සෑය වඳින්න ගිහින් තිබෙනවා.
ඉඩක් ලැබුණු හැම වෙලාවකම මම අනුරාධපුරේ යනවා...."
චමෝදි පෙරේරා
මව්බිම - හදගැස්ම