සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන සහ තීරණාත්මක අවසන් 20-20 තරගය රාජ්කෝට් හිදී අද පැවැත්වෙනවා.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 2කින් ජය ගත් අතර දෙවන තරගය ලකුණු 16කින් ජයගැනීමට ශ්රී ලංකා පිල සමත්වුණා.
ඒ අනුව මෙම තරගාවලිය මේ වනවිට පවතින්නේ එකට එකක් ලෙස සම තත්ත්වයේ.
අද තීරණාත්මක තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවෙනු ඇති.