ඕස්ට්‍රේලියන් කෙල්ලෙක් බැඳලාපුරවැසිභාවයත් අරන්
ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ජාතිකයකුගේ නිවාස 2 ක් ඔස්ට්‍රේලියා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් වටලා තිබෙනවා. ඒ ඔහු ISIS කැරළිකරුවන් සමඟ සම්බන්ධයක් ඇති බවට වන සැකයක් හේතුවෙන්.
ISIS සංවිධානයට සහය පළකරමින් එළිදක්වා ඇති වීඩියෝ පටයක මෙම පුද්ගලයා පෙනී සිට ඇති බවයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මෙම වැටලීමෙන් සොයාගත් කරුණු පිළිබඳ බලධාරීන් මෙතෙක් තොරතුරු හෙළි කර නැහැ.
සිරියාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සංවිධානවලට සහය ලබාදෙන ලෙසට සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ISIS සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ වීඩියෝ පටයක පෙනී සිටින ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතිකයා අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම තමා ISIS සංවිධානය සමඟ එක්ව ප්‍රතිකාර කටයුතු සිදුකරන අතර සතියකට රෝගීන් 500 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කරන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ විමර්ශණයට ලක්කල නිවෙස් දෙකෙහි හිමිකරු වන ලාංකිකයාට අයත් නිවෙස්වල පදිංචිකරුවන් පිළිබඳව ද මෙතෙක් තොරතුරු හෙළිකර නැහැ. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මෙම පුද්ගලයා අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් පසුව එහි තරුණියක් විවාහ කරගෙන එම රටේ පුරවැසිභාවය ලබාගෙන ඇති බවයි විමර්ශන වලින් හෙළිවී ඇත්තේ.