තෙල් මිල, පහළට !
- තෙල් මිල, පහළට !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඔටෝ ඩීසල් (සුදූ ඩීසල්) ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව ඩීසල් ලීටරයක නවතම මිල රුපියල් 420 දක්වා අඩු වනු ඇති.
ඩීසල් මිලට අඩු වීමට සාපේක්ෂ ව පෙට්‍රල් මිල ද අඩු වන බවට තවමත් තොරතුරු වාර්තා වන්නේ නෑ.
මේ අතර මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට යි ලිට්රෝ සමාගම තීරණය කළේ.
ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින්, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ යනු ඇති.
ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,610ක්.
කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,850ක් වන අතර, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 860 දක්වා ඉහළ යන බව යි වාර්තා වන්නේ.