අමිලා නදීශානි ගායන ශිල්පිනිය ගැන මෑතක කතාබහක් ඇතිවුණේ ඇගේ පුතණුවන්ගේ විවාහ ගිවිස ගැනීමේ කතාව නිසයි.
ඇය ඒ ආරංචිය සතිඅන්ත පුවත්පතක් සමඟ මෙසේ බෙදාහදාගෙන තිබුණා.
"දැන් එයා වයස අවුරුදු 21ක තරුණයෙක්. පෞද්ගලික විශ්වවිද්‍යාලයක IT උපාධියක් හදාරනවා. ඉතින් පුතා පසුගිය දවසක විවාහ ගිවිස ගත්තා. ඒ දුවත් තවම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා. පාසල් කාලයේ දී ඇතිවුණු ප්‍රේමයට අපි ඉතින් ආශීර්වාද කළා."
ඒ වගේම තමයි, ආරංචි වෙන විදිහට අමිලාගේ ලේලිය වෙන කවුරුත් නෙවෙයි, අතිදක්ෂ රංගන ශිල්පී ධනුක දිල්ශාන්ගේ ආදරණීය නැගණියලූ.
"නෙත්මි ආශිංසා කියන්නෙ දැන් මගේ ලොකු දූ. ඇත්තටම අපි එයාට කතා කරන්නෙ ලොකු දූ කියලයි. මම හරිම ආදරේ කරන දරුවෙක් ඇය. මම හැම තිස්සෙම හිතන්නෙ අපිට එයාව ලැබුණා කියලා නෙමෙයි අපි එයාව ප්‍රාර්ථනා කරලා ලබාගන්න ඕනේ කෙනෙක් කියලයි. අපි හැමෝම නෙත්මිට හරිම ආදරෙයි. එයා හොඳ දරුවෙක්."
විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප අතරේ ධනුකවත් අපිට දැකගන්න ලැබෙනවා.